(අජන්ත කුමාර අගලකඩ)
අග්‍රාමාත්‍ය කාර්යාලයේ කොටසක් වශයෙන් ස්ථාපිත කර ඇති ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මෙම ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අහෝසි කළ යුතු බව සඳහන් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබූ අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
එම කාර්යාලයේ සේවය කළ තරුණ වෘත්තීයවේදියාගේ සේවය ලබන 31 වැනිදායින් පසුව අවසන් කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.
මෙම ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අග්‍රමාත්‍ය කාර්යාලයේ කොටසක් ලෙස ස්ථාපිත කර තිබුණේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදුව 2015 මැයි 14 වැනිදා අනුමත කර තිබූ කැබිනට් සංදේශකට අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd