(තරිඳු ජයවර්ධන)
උතුරු පළාතේ පුරාණ වාරි පද්ධතිය විනාශ වීම සහ වන ගහනය අඩු වීම එම පළාතේ ගංවතුර තත්ත්වයට වැඩි වශයෙන් හේතු වී ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
එම පළාතේ විශාල වැව් කිහිපයකට අමතරව කුඩා වැව් රැසක් සහ පොකුණු රාශියක් තිබුණු බවත්, නමුත් මේ වන විට ඇළ මාර්ග විනාශ වී කුඩා වැව් රැසක් ගොඩ වී ඇති බවත් කාරියවසම් මහතා පැවසීය.
එල්ලංගා පද්ධතිය ද ඇතුළත් පුරාන වාරි පද්ධතිය නිසා ජලය රඳවා ගැනීමේ හැකියාව තිබුණු බව ද, අධික වර්ෂා කාලවලදී එම වාරි පද්ධතිය පිරී යන බව ද, අධික පායන කාලවල දී එම වැව් පද්ධතිය නිසා ලොකු නියං බලපෑමක් නොවන බව ද ඒ මහතා කීවේය.
එමෙන්ම උතුරු පළාතේ වන ගහනයද යුද්ධයෙන් පසු සීඝ්‍ර ලෙස අඩුවීගෙන යන බව කී ආචාර්ය කාරියවසම් මහතා වන වැස්මක් යනු ජලය රඳවා තබා ගන්නා වෙනම පද්ධතියක් යැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය කාරියවසම් මහතා පවසන්නේ පරිසර හානිය තුළින් නිර්මාණය වූ තිත්ත වූ සමාජ යතාර්ථයක්. ජඩ දේශපාලනය පිළිබිඹු කරන කැඩපතක්. සත්‍යය ගවේෂණය කරන අපට ඔය කැඩපතෙන් මුහුණ බැලිය හැකි වුවත් රටේ පාලකයින්ගෙන් කීයෙන් කීදෙනෙකුට මේ තුලින් ඔවුන්ගේ මුහුණු දැකගන්න හැකියාවක් ඇත්ද? එයට මුහුණ ඔබා බැලුවහොත් ඒ අවලස්සන මුහුණු පිලිබඳ සැබෑ වෘතාන්තය රටටම කියා දේවි . අප විසින් 70 දශකයේ අගභාගයේ කරන ලද පර්යේෂණ කෘතියක පැහැදිලිව සඳහන් කරනු ලැබුවා. පාරිසරික සමතුලිතය බිඳ වැටුණු අවස්ථාවලදී දැවැන්ත ශිෂ්ටාචාර පවා ඇද වැටුණු අන්දම ගැන. ඉතිහාසය හා භූගෝලය වැනි විෂයයන් තියෙන්නේ විභාගයකින් සමත්වීම සඳහා පාඩම් කිරීමට පොත්වලට ඇතුල් කරන්න නොව එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් තුලින් ස්වභාවධර්මයා දායාද කල මිළ කල නොහැකි ගහකොළ, ජලය හා සරු පොළවක් මෙන්ම අනගිභවනීය ඉතිහාසයක් විසින් නිර්මාණය කරදුන් රටක් දිවි හිමියෙන් රැකගන්නයි. එය නොතකා හැරීමේ පාපකර්මයට මුළු රටම අද වන්දි ගෙවමින් සිටී.
විල්පත්තු, මුලතිව් විනාශ කරනකල් බලන් හිටපු අය යටවෙද්දෙන්...! හැම දේකටම ජාතිවාදේ ගාගෙන රටේ පරිසරය, වැව්අමුණු විනාශ කරන කොට කට පියාගෙන ඉන්න අයට වෙන මොනවා කියන්නද?