(නාලක සංජීව දහනායක)
වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටා තිබෙන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නැරඹීමේ අවස්ථාව මෙම සෙනසුරාදා (14) වැනිදා සිට මහජනතාවට ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව සෑම සති අන්තයකම පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා මෙම ගොඩනැගිල්ල නැරඹීමේ හා ඡායාරූප ගැනීමේ අවස්ථාව මහජනතාවට හිමිවන බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.
අධ්යක්ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් යොමුකිරීම, 011-2441685 අංකයට ෆැකස් පණිවිඩයක් යොමුකිරීමෙන් හෝ 011-2354354 දුරකථන අංකය ඇමතීමෙන් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල් නැරඹිමට වේලාව වෙන්කරවාගත හැකිය.
මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන අයෝනියානු ශෛලීයට අනුව නිර්මාණය කර ඇත.
වසර 82ට පෙර නිර්මාණය කර ඇති මෙම ගොඩනැගිල්ල බාහිර පෙනුමින් අතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ ‘ඇතීනා’ නම් ග්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකර ඇති ප්‍රධාන දෙව්මැදුර වන පාතිනන් ගොඩනැගිල්ලට සමාන අන්දමින් ඉදිකර තිබේ.
ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් 1930 ජනවාරි 29 වැනිදා ව්‍යවස්ථාදායක සභාව ලෙස මෙම ගොඩනැඟිල්ල ස්ථාපනය කර තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ව්‍යවස්ථාදායකයේ පසුව සිදුවු නාම සංශෝධන සමඟ මෙය (1931-1947) රාජ්‍ය මණ්ත්‍රණ සභාව, (1947-1972) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, (1972 – 1978) ජාතික රාජ්‍ය සභාව (1978 -1982) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන නම්වලින් හඳුන්වා ඇත.
පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමෙන් පසුව 1983 සැප්තැම්බර් 8 වැනිදා සිට මෙම ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය ලෙස නම් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන් ඉල්ලුවහම පාන් නැත්නම් කේක් කාපල්ලා කිව්වා වගේ. යූටර්න් ජනාධිපති යන්නෙම සිරිසේනගේ අඩි පාරේ. සයින්දමර්දු වලට නගර සභාවක් දුන්නා කියලා දැක්කේ පත්තරෙන්... ඒ හින්දා විගහට ඒක වලංගු කළා ලකුණු දාගන්න. කැබිනට් පත්‍රිකා අකුරක් නෑර කියවන ජනාධිපති දන්නේ නැතුව සයින්දුමර්දු ගැසට් එක නිකුත් කළා කියලා ළමයෙක්වත් පිළිගනියි කියලා මම හිතන්නෑ. ඊළඟට රාජ්‍ය ඇමති කටුපොල් ගහක් කපනවා දැකලා ඊට පස්සේ පරිසරයට හානිදායක නම් කටුපොල් තහනම් කරනවා කිව්වා. ලකුණු වැටුණේ ජනාධිපතිට. හැබැයි මේ දින 100 ඇතුලේ රට පුරා රක්ෂිත කැලෑ සීයකට වඩා ගිනිතියලා තියෙනවා. කඩොලාන ගස් ගිනි තියලා තියෙනවා. ඒ ගැන කිසි කතාවක් නැහැ. සිරිසේනත් මේ වගේමයි. සමෘද්ධි උද්ඝෝෂකයින් ලඟට ගිහින් ප්‍රශ්නේ විසඳනවා කිව්වා. කුඩා ගැහැණු දරුවෙක් අපහරණය කරපු විඩියෝවේ පාපතරයාව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණයක් තිබුණා. පත්තරෙත් තිබුණා. කටුපොල් වලටයි, සයින්දුමර්දුවලටයි තිබ්බ උනන්දුව මේ රටේ කිරි දරුවන්ට සිද්ධ වෙන අපරාධ නවත්තන්න නැහැ. දැන් ජනාධිපති ලේකම් කාර්යාලය පෙන්වනවා. සිරිසේන ජනාධිපති මන්දිරය ප්‍රදර්ශනය කළා වගේ. සෙනඟ ඉන්න තැන හොයහොයා ගිහින් අතවනලා පින්තූර දානවා...
මේ වෙලාවේ එතරම් හොඳ වැඩක් නෙමේ, වයිරස් තිබෙන නිසා...
දරුවනේ, ඇතුළට ගිහින් මෙය නරඹන්න. ඔය පාර්ලිමේන්තුව ඇතුලේ වැදගත්, උගත්,දේශාභිමානී මිනිසුන් සන්සුන්ව සාකච්ඡා සහ වාද විවාද ඇති කළා. අද අලුත් පාර්ලිමේන්තුව සත්තු වත්තක් වාගේ. හොරු, තක්කඩියෝ, බොරුකාරයෝ, නුගතුන්ගෙන් පිරිලා. වාමාංශික අදහස් ප්‍රකාශ කරන අය කුණුහරුප කියන තත්වයට අශීලාචාර විදිහට හැසිරෙනවා. ඊළඟ පාර්ලිමේන්තුවට උගත්, බුද්ධිමත්, වැදගත් මිනිසුන් පත්කර එවන්න. මුළු ලෝකයෙන්ම සිඟා කන රට තව දුරටත් ප්රපාතයටම වැටේවි.