(බිඟුන් මේනක ගමගේ)
‘සමාජවාදී නියෝජනයක් සටන්කාමී නායකත්වයක්’ යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළු ගෙඩිය ලකුණෙන් දිස්ත්‍රික්ක 22 කටම තරග කරන්නේ යැයි එහි දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා අද(13) පැවසීය.
ඒ අනුව 17 හා 18 දෙදින ඊට නාමයෝජනා බාරදීම සිදුකරන්නේ යැයි ජයගොඩ මහතා කීය.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු 19 වැනිදා රාත්‍රියේ සිට ආරම්භ කරන්නේ යැයි ද 22 වැනිදා සිට ප්රචාරක රැස්වීම් පවත්වන්නේ යැයි ද ඔහු කීවේය.
ඒ අනුව කොළඹ ප්‍රධාන රැස්වීම 26 වැනිදා මහරගම නගර මධ්‍යයේ සවස 3.00 ට පැවැත්වෙන්නේ යැයි ද ජයගොඩ මහතා සඳහන් කළේය.
ජනතා ඡන්දයෙන් තේරී පත්වුවද පාර්ලිමේන්තුවට ගිය පසු බහුතර දේශපාලකයන් සම්මුතිකාමී වන්නේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට යැයි ද ඒ නිසා පාර්ලිමේන්තුවට අඩුම තරමින් සමාජවාදී නියෝජිතයන් දෙදෙනකු හෝ යැවිය යුතු යැයි ද ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම දිස්ත්‍රික්කවලින් පැරදීම ස්ථිරයි.
කුමාර් ගුණරත්නම් නායකත්වය දෙන මෙම පක්ෂයට මුදල් ලැබෙන්නේ මොන රටින්ද කියා සොයා බැලිය යුතුයි. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබමින් පදිංචිව සිටින කුමාර් ගුණරත්නම්ගේ පවුල පසුගිය කාලයේ ලංකාවට මඩ ගසමින් බොරු චෝදනා කරමින් ප්‍රධාන රූපවාහිනි නාලිකා වල අමුතුම චරිතයක් රඟ පෑවේය. තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ලංකාවේ තරුණ විශ්වවිද්‍යාල සිසුන් නොමග යවා පෞද්ගලික දේපල විනාශ කරමින් උද්ගෝෂණ වල පිටු පස සිටිමින් මුදල් වියදම් කරන්නේ මොවුන් වේ. මේ තක්කඩින් රටින් නෙරපා දැමිය යුතයි. මොවුන් ගැන විමසිලිමත් වන්න.
චන්ද 10000 ක් නෑ. ඉල්ලන අයත් ඡන්දේ දෙන්නේ නෑ වගේ..
පෙරටුගාමීන් නොහොත් අගතිගාමීන්ට මෙසේ කියන්නෙමු... නුඹලා මෙන්ම කලුකුමාරයන්ගේ අන්තරේ ඉන්න අයගේ ක්‍රියාකලාපයන් වලට කාටවත් සාමය අගයන කිසිඳු පුරවැසියකු තමන්ගේ කැමැත්ත ලබාදෙයි යන්න...
සතුටුදායක පුවතක්... අපේක්ෂකයින් දෙසීයක් දැම්මොත් එකාගෙන් රුපියල් පන්දාහ ගානේ ආවත් දශ ලක්ෂයක්වත් ආණ්ඩුවට ලැබෙනවනේ... ඇප රාජසන්තක වුණාම. අනික් පක්ෂවලට වැඩිය මහන්සි වෙන්න වුවමනා නැහැ. මේ ගොල්ලන්ගේ කට්ටිය නවකවදය දෙනවා කියලා කරන වැඩ ගැන ජනතාවට කියාදුන්නාම හොඳටම ඇති අතුගෑවිලා යන්න.
නෑ අපිට කොරෝනා හැදෙනවා ඊට කලින්.................
අර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ට්‍රැක්ටර් රෝදේ උඩ පැන පැන ගියා කිව එකත් ඉන්නේ මේ පක්ෂයේ නේද? ලැහැස්තිවෙන්න දැනට ඉතුරුවෙලා තියන විනයත් නැති රටකට. ඡන්දය දෙන එවුන්ට අබ සරණයි.