මාතර සිට කොළඹ මරදාන දක්වා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය පෙනි පෙනී පීලි පැන ඇතත් එය නැවත පීලිගත වී ඉදිරියට ධාවනය වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෝ කියති.
අද උදෑසන මාතරින් ගමන් ආරම්භ වූ මෙම දුම්රිය ගාල්ලට ආසන්න වත්ම පීලි පැනීමට ලක් වී ඇත.
පීලි පැන්න දුම්රිය සිල්පර කොට කඩාගෙන මීටර් කීපයක් ඉදිරියට ධාවනය වී නැවත එකවරම පීලිගත වී ඇතැයි ද වර්තාවේ.
දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර දුම්රිය නැවත ධාවනය කළ හැකි දැයි කාර්මික ශිල්පීන් මේවන විට සොයා බලන බව ද ගාල්ල දුම්රිය නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර වැරදුණු රුහුණු කුමාරි හරි පාරට ආවට, පාර වැරදුණු අපේ රටේ ආර්ථිකය කවදා නම් හරි පාරට වැටේවිද?