(ජයන්ත සමරකෝන්)
රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මහජන සේවාවන් සිදුවන ආකාරය පිළිබඳව සොයාබැලීම සඳහා විමර්ශන කණ්ඩායම් හෙවත් කඩා පනින හමුදාව යෙදීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.
එහි මූලික අදියර යටතේ දැනට බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් අතරින් 8ක කටයුතු විමර්ශනය කර ඇතැයිද පැවසේ.
මීට පෙර ග්‍රාම නිලධාරී කාර්යාල පරීක්ෂා කිරීම සිදු වූ අතර, එහිදී අඩුපාඩු රැසක්ම අනාවරණය කරගැනීමට හැකි වූ බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
රට පුරා ග්‍රාම නිලධාරී කාර්යාලවලින් මෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ජනතා සේවය සිදුවන ආකාරය හා එම නිලධාරීන් ක්‍රියාකරන ආකාරය පිළිබඳව ප්‍රථමයෙන් සොයාබැලෙන බවද එම ප්‍රකාශකයා කීය.
ඒ සමඟ ම එම නිලධාරීන්ගේ ගැටලු හා ඒවාට අවශ්‍ය විසඳුම් සොයාබැලීම ද මෙහිදී සිදුකෙරේ.
රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 322ක්ද, ග්‍රාම නිලධාරී කාර්යාල 14,022ක්ද ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම නගරසභා හා ප්‍රාදේශීය සභාවලටත් පනින්න ඕනෑ. විශේෂයෙන් මම ඉන්නේ බොරලැස්ගමුව නගර සභාවට අයත් බෙල්ලන්විල ප්‍රදේශයේ. අපේ පැත්තේ පී.එච්.අයි. අවුරුද්දකට සැරයක් ඩෙංගු බලන්න එනවා එච්චරයි.. මිනිස්සු ඔවුන්ට කැමති විදිහට ජීවත්වෙනවා. කුණු දානවා, ජරා වතුර දානවා, මැස්සෝ හෝ ගාලා, කවුරුවත් බනින්නේ නැහැ. මම හිතන්නේ එයා පුටු රත් කරකර ඉන්නවා. මිනිස්සු පැමිණිලි කරනකම් ඉන්නවා මොනවා හරි කරන්න. පැමිණිලි කරලත් සමහර වෙලාවට එන්නේ නැහැ. මිනිස්සුන්ට හරිම කරදරෛ. ඕකයි තත්වේ.
ඉතා හොඳයි. මෙහෙම කාලයක් ගියාම මිනිසුන් වැඩකරන්න පුරුදු වෙයි. විනයකට පුරුදු වෙයි.