
(ආනන්ද ඉ ජයකොඩි)
දේපල ලියා දෙන්නැයි ඉල්ලා තම පියාට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කළ බව කියන පුතකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
නිට්ටඹුව උතුරු පින්නගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පියකුට අයිති දේපල තමන්ට ලියා දෙන ලෙසට තර්ජනය කරමින් පුතකු ඔහුට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කිරීම හේතුවෙන් ඔහු රෝහල් ගත කොට ඇති බවද පොලීසිය කීය.
මේ පිළිබඳව තුවාල ලබා සිටි පියාගේ විවාහක පුතකු අත් අඩංගුවට ගෙන වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී මෙයට පෙරද සැකකරු පියා සමග ගැටුම් ඇති කර ගැනීමේ චෝදනාවට අධිකරණයේ පවතින නඩුවක ඇප ලබා සිටි අයකු බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවදත්ත පියාට පහර දුන්නාද? මෙහෙම ලියන කොට අදහස වෙනස් වෙනවා නේද?
තියන දේ විකුණලා කොහේහරි යන්න තාත්තේ....! එච්චරයි..