(සුමිත් පොතුපිටිය)
රාජකාරි නිමාවා නිවසකරා යමින් සිටී පොලිස් සැරයන්වරයෙකුට පිය පුතු දෙපළක් පහරදී මෙන් තුවාල ලද සැරයන් වරයා රෝහල් ගතකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ රෝහල් ගතකර ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී කාර්යාල 3 ට අනූයුක්තව රාජකාරි කරන කළුතර රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි සැරයන්වරයෙකු බව සදහන් වේ.
කළුතර රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි පියපුතු යුවලක් කළුතර ගල්පොත්ත හන්දිය ආසන්නයේදී පහරදීම සිදුකර ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය කිය.
පහරකැමට ලක්වූ සැරයන්වරයා කළුතර ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරීන් වැරදි කරනව ඇති. නමුත් පොලිසියට පහර දෙනව කියන්නෙ නීතියට පහර දෙනව වගේ වැඩක්. ඒ පහර දීපු අය වැරදි වලට බය ඇරුණු අය වෙන්න ඕන.