(රංජන් කස්තුරි)
කිසිඳු අවසරයකින් තොරව ඊයේ (03) හදිසියේ පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
විදුලිය කැපීමක් නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබියදීත් ලංකා විදුලි බල මණ්ඩලයෙන් හෝ මහජන උපයෝගිතා කොමිසමෙන් හෝ අවසර නොගෙන කිසියම් නිලධාරීන් කණ්ඩායමක් කොළඹින් පිට පළාත්වල පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි කර තිබිණි.
මේ පිළිබඳව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (04) ලංවීම හා ඛනිජ තෙල් සංස්ථා වල ඉහළ නිලධාරීන් කැඳවා හේතු විමසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙ ගැන හිතලා පැය දෙක නොකපා හිටියොත් ඡන්දෙට පස්සේ පැය දොළහක් විතර කපන්න වෙනවා. ඊලග මෝසම් වැහි එන්නේ ජුනි ජුලි විතර.
හා හා බලාගෙන. විදුලි ලොක්කන්ට අත තියන්නේ බලාගෙන. ඒ ගොල්ල බොහොම බලගතුයි.
වැහැලා වැහැලා පිරිලා ඉතිරිලා ගිය වැව් මේ තරම් ඉක්මනින් හිඳිලා විදුලිය පෞද්ගලික තැන්වලින් ලබාගන්න තත්වයට පත්වෙන්නෙ කොහොමද ? කාලයක් තිස්සේ හොරාකන කොටසක් ඉන්නවා. මේ පල් හොරු උගතුන් විය හැකියි. ඒවා සොයා බලා ඒ ඒ තැන් පිරිපහදු කරනතුරු මේ ගැටලුව නිරාකරණය වෙන්නේ නෑ. හැම එකටම පක්ෂ පටළවගෙන දඟළන්න අවශ්‍ය නෑ. මේක ජාතික ප්‍රශ්නයක්.
මේකෙ ඉන්න සමහර අය හිතන් ඉන්නේ වැවි වලින් විදුලිය හදනවා කියලා. වැස්සට පිරෙන වැව් වලින් විදුලිය හදන්න බෑ. විදුලිය හදන්න නම් නිතර ගලා එන ජල ධාරාවක් ඕන. මෙතන ගැටලුව තියෙන්නේ විදුලි පාරිභෝගිකයින් වැඩි වීම. ඒ අයට විදුලිය දෙන්න තරම් උත්පාදනය මදි.