( තිලකරත්න දිසානායක)
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 263 දෙනෙකු හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් 1,345 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
එම වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ආශ්‍රිතව ඊයේ උදෑසන වනවිට ආසාදිතයින් හමුවීම මිනුවන්ගොඩ - 113 ක්, කටාන - 110 ක්, දොම්පෙ - 109 ක්, වත්තල - 103 ක්, මහර - 88 ක්, බියගම - 81 ක්, අත්තනගල්ල සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 80 දෙනෙකු බැගින් , ජාඇල - 76 ක්, සීදූව - 63 ක්, කැලණිය - 61 ක්, මීගමුව - 53 ක්, දිවුලපිටිය - 40 ක් සහ රාගම - 25 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් 46 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 31 ක්, බියගමින් - 12 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව තිදෙනෙකු වශයෙනි.
අද උදෑසන වනවිට පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ආසාදිතයින් - 342 දෙනෙකු සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට සැක සහිත රෝගීන් 14 දෙනෙකු ඇතුලත් කොට ඇති අතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 452 දෙනෙකි.
දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 35, 129 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ආරම්භයේ පටන් රටේ බොහෝ තැන්වල ලවුඩ්ස්පීකර් මඟින් අවට ජනතාවට හිරිහැර වෙන විදිහට ආගමික තැටි වාදනය කලා. මේව සේරම හිතළු බව ඔප්පු වෙලා ඉවරයි. සිංහල බෙහෙත් බඩු කඩවල බඩු කිරාපු මිනිස්සු පවා කොරෝනාවලට බෙහෙත් දුන්නා. තැන තැන ආයුර්වේද රෝහල් , හෙල වෙද මැදුරු පටන්ගත්තා. මේ සේරම කලේ වසංගතය මුවාවෙන් මිනිස්සුන්ගේ මුදල් සූරාගන්නයි.. ඒත් තවමත් මෝඩ මිනිස්සු ඒ පස්සෙන් යනවා..