(පාලිත ආරියවංශ)

දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා ඉවත්කරන ලෙසට බල කරමින් දුම්රිය වෘත්ති සමිති කීපයක් ආරම්භකර ඇති සංබේත වැඩ වර්ජනය නිසා උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ නානුඔය අතර සියළු දුම්රිය සේවා 1 මුළු මනින්ම නතර විය.

දුම්රිය ස්ථානයට පිවිසෙන ප්‍රධාන ‍ගේට්ටුව ඉබි හතුරු දමා වසා දමා තිබිණ.

උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් පෙරදා ගාල්කර තිබූ අයුරින්ම තිබෙනු දක්නට ලැබිණ.