පසුගිය පැය 24 ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින්  69,672 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මේවනවිට ඉන්දියාවෙන් වාර්තා වන සම්පූර්ණ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 2.84 ඉක්මවා තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 53,886කි.

එරට සෞඛ්‍ය අමාතයාංශය පවසන්නේ පසුගිය දිනය තුළ පමණක් මරණ 997ක් සිදුවූ බවයි.

ආසියාවේ වැඩිම ආසාදිතයින් සංඛයාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර ලෝකයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවෙන් ඉන්දියාව තෙවැනි ස්ථානයේ සිටියි.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)