
( සුමිත් පොතුපිටිය, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම් )
පාපැදි තරගයක නිමාව ආසන්නයේදී යුද හමුදා පාපැදිකරුවකු තල්ලුකොට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදා පාපැදි කණ්ඩායමේ සෙබළෙකු අත්අඩංගුවට ගත්බව හිරණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල යුද හමුදා කදවුරේ රාජකාරි කරන සාමාන්‍ය සෙබළෙකු බවත්, බරපතළ තුවාල ලබා ඇත්තේද එම කදවුරේ පාපැදි කණ්ඩායමේ කෝප්‍රල් වරයෙකු බවත් පොලිසිය පවසයි.
පානදුර, හිරණ තේක්කවත්ත බක්මහ උළෙලට සමගාමීව පැවැත්වූ පාපැදි සවාරියේ නිමාවට එක් පොකුරකට තරගකරුවන් තිදෙනෙකු පැමිණ ඇති අතර , තරග අවසානයට මීටර් 100 ක් පමණ තිබියදි සාමාන්‍ය සෙබළා කෝප්‍රල් වරයාව අතින් තල්ලු කර ඇති බව පොලිසිය පවසයි .
=තල්ලුකිරීමෙන් මාර්ගයේ ඉවතට ඇදී ගිය පාපැදිකරු මාර්ගය ආසන්නයේ තරග නරඹමින් සිටී අවුරුදු 7 ක් පමණ වයසැති කුඩා දරුවෙකුගේද ගැටී බිම ඇදවැටී දෙදෙනාම රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි .
කුඩා දරුවා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සුසුම්නාවට සිදුවූ තුවාල සහිතව පාපැදිකරු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
ඇදවැටුන කෝප්‍රල් වරයාද ඊට සුළු මොහොතකට පෙර සිය වැලිමිටෙන් තමාවද තල්ලුකල බවට සැකකාර සෙබළා ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය කීය.
යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ මූසලයෙක්
ඔහුව තරගයෙන් ඉවත් කල යුතුයි.
ඔය කට්ටියගෙ වැඩ ඔහොම තමයි. දැනට අවුරුදු තිහකට පෙර සයිකල් සූර වීරයෙක් හිටියා මිනිහා සයිකල් පදිනවිට යාලුවො දෙතුන් සියයක් විතර යතුරු පැදි අරගෙන ඇවිත් ගමන පිටත්වීම සමග ඔහුව වටකර ගන්නවා. අනෙක් අයට කිට්ටුවෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ පස්සෙ කාලයේ ආරක්ෂක අංශයේ අය ඉදිරිපත් වුනාම තමයි එම තත්වය වෙනස්වුනේ
මයික් ටයිසන් හොලිෆීල්ඩ්ගේ කන හපපු එකේ මේවා සිම්පල් කේස්... කොහොමත් පරණ අය වගේ නොවේ.. අලුත් හමුදා කොල්ලෝ මෙලෝ රහක් නැහැ (සේරම නොවේ) තමුන්ගේ සහෝදර සෙබළෙකුට මෙහෙම කළා නම් සිවිල් අයට කොහොමද කියලා හිතාගන්න පුළුවන්නේ..