
(සුමිත් ප්‍රේමතිලක)
මහරගම පොලිසියේ රථවාහන අංශ කොස්තාපල්වරයෙකුගේ අපකීර්තිමත් හැසිරීමක් පිළිබඳ රටම කතාබහට ලක්ව ඇති මොහොතක පොලිස් රථවාහන අංශ නිළධාරින් පිරිසකගේ සත් ක්‍රියාවක් අද (30) දහවල් වාද්දුව ගාලුපාරේ දී දැකගත හැකිවිය .
වාද්දුව මංසන්ධියේ දී කාර්මික දෝෂයකට ලක්වු පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් වාද්දුව පොලිසියේ රථවාහන අංශ නිළධාරින් පවතින දැඩි අව් රශ්මිය නොතකා තල්ලුකර මාර්ගයෙන් ඉවත්කොට ගමනාගමන යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ දරන අයුරුයි මේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ හොඳ වැඩ කවුරුත් වීඩියෝ කරලා පබ්ලිෂ් කරන්නේ නැත්තේ ඇයි? පොලිසියට වරදිනකම් විතරයි බලන් ඉන්නේ. ඊයේ සිද්ධියේදී පොලිස් නිලධාරියා හැසිරුණු ආකාරය හොඳයි කියනවා නෙවෙයි මං මේ. පොලිසියේ වැරදි වගේම හොඳ දේවලුත් වීඩියෝ කරලා පබ්ලිෂ් කළා නම් සමානුපාතිකයි...
මාර්ග නීති දැඩි ලෙස උල්ලංඝනය කරන පෞද්ගලික බස් රථ රියදුරන්ට ඇයි අර වගේ පහර නොදෙන්නේ කියලා තමයි මට නම් අහන්න තියෙන්නේ? තමන්ගේ සගයෙකුව අනතුරකට පත්කළාම ඔතරම් උරණ වෙන පොලිසිය, මගමරුවන් ලෙස විරුධාවලිය ලත් පෞද්ගලික බස් රියදුරු මාෆියාකාරයින් දෙස ඇහැක් ඇර නොබලන්නේ ඇයි? "උස තැන් දැක හැකිලෙන මිටි තැන දැක පුප්පන" ස්වභාවය තමයි බොහෝ අවස්ථාවල පිළිබිඹු වන්නේ. නමුත් මේ කරන ක්‍රියාව හා අප අගය කල යුතුයි.
හැමෝම යක්කුත් නෙවෙයි, හැමෝම මනුස්සයොත් නෙවෙයි. ඔය වරිග දෙකෙන්ම සම සමව ඉන්නවා ඕනම තැනක. හැබැයි කැපිලා පෙනෙන්නේ යක්කු තමයි. මොකද මිනිස්සු වැඩ කරන්නේ නොකර සද්ද? යක්කු තමයි තැන නොතැන නොබලා යකා නටන්නේ. අර පහරකෑමට ලක්වෙච්ච රියදුරුගේ ඉලඇට බිඳීමක් එහෙම වෙන්නේ නැතිව ඇති කියලා මම හිතනවා.
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඉන්නවා .