(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මියයන පුද්ගලයන්ගේ මළසිරුරු තැන්පත් කිරීම සඳහා අවශ්‍ය ශීතාගාරයක් පානදුර මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීම එම ප්‍රදේශයේ දානපතිනියක් වන සන්ධ්‍යා සල්ගාදු මහත්මිය මූලිකව අද සිදු කෙරිණි.

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සහ ඉන් පිටතත් මළ සිරුර විශාල වශයෙන් තැන්පත් ව තිබීමෙන් දැඩි සෞඛ්‍යය ගැටළුවක් පැන නැගී ඇති බවට මාධ්‍ය මඟින් ඉකුත් දින කීපය තුළ ප්‍රචාරය වීමත් සමඟම සල්ගාදු මහත්මිය එයට කඩිනම්  පිළියමක් යෙදීමට කටයුතු කළ බව පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය

රෝහලේ මෘත ශරීරාගාරයේ දැනට තිබෙන අධි ශීතකරණ දෙකේ තැන්පත් කළ හැකි මළසිරුරු ගණන් 12 කි.

පරිත්‍යාග ලෙස ලද රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා ශීතාගාර යේ තැන්පත් කළ හැකි මළ සිරුරු ප්‍රමාණය 40 කි .

මුදලින් නිම කළ නොහැකි මාහැඟි කාර්යයක් සල්ගාදු මහත්මිය විසින් ඇයට තිබෙන සම්බන්ධකම් අනුව පානදුර මූලික රෝහල වෙත ඉටුකිරීම අගය කළ යුතු කටයුත්තක් බව වෛද්‍ය අධිකාරිය වරිය කිය.