(ඩයනා උදයංගනී)
ගමන් ගන්නා මගීන් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටින පෞද්ගලික බස්රථ හිමියන්ට දින 45ක කාලයක් වෙනුවෙන් ධාවනය කෙරෙන කිලෝමීටරයකට රුපියල් 10 බැගින් දෛනික දීමනාවක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
මීට අමතරව දකුණු පළාත් ප්‍රවාහන අධිකාරිය හැර සෙසු ප්‍රවාහන අධිකාරීවලින් අයකරන ලොග් බලපත්‍ර ගාස්තුව සැප්තැම්බර් මාසය දක්වා අය නොකරන ලෙසත්, දෙසැම්බර් මාසය තෙක් මාර්ග බලපත්‍ර ගාස්තුවෙන් 50%ක් පමණක් අය කරන ලෙසත් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
බස්රථවල රක්ෂණ කාලය මාස තුනක් දක්වා දීර්ඝ කරන ලෙසත්, ණය පහසුකම් ලබාගැනීමේදී අඩු පොලී පහසුකම් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.
පොදු ප්‍රවාහන සේවා ආදිය ඔස්සේ කොවිඞ් දෙවැනි රැල්ලක් මතුවිය හැකි බවටත්, පාසල් සිසුන් හැකිතරම් පෞද්ගලික වාහනවල ගමන් කළ යුතු බවටත් සෞඛ්‍ය අංශ කර ඇති ප්‍රකාශ හේතුවෙන් බස් රථවල ගමන් ගන්නා මගීන් අඩු වී ඇති බව කී විජේරත්න මහතා ඒ හේතුවෙන් බස්රථවලට දිනකට ඉතිරිවන්නේ රුපියල් 1000ත් 1500ත් අතර මුදලක් බවත් එයින්ද රුපියල් 1000ක පිරිවැයක් ටයර වෙනුවෙන් වැය වන බවත් කීවේය.
ඉන්ධන සහනාධාරයක් ලබාදීම ද ප්‍රායෝගිකව සිදුකිරීම අපහසු බැවින් දෛනික දීමනාවක් හෝ ලබාදෙන්නැයි ඉල්ලා තම සංගමය ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබෙන බව ද ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර බස් ගැමුණු මහතා එන්න හදන්නේ කුමන පොටකටද දන්නේ නැහැ.. අහිංසක මහජනතාවගේ බදු මුදල් වලින් ඔබලාට දෛනික දීමනා දෙන්නට පුලුවන්ද ..? ඇයි ඒ කාලේ පොල් පටවන්නා වගේ වවුලන් එල්ලන් යනවා වගේ අරං ගිය ඒවායේ මුදල් ඇති නේද? ඔබලා වැනි ධනවත් මුදලාලිලාට අහිංසක ජනයාගේ බදු මුදල්වලින් දෛනික දීමනා දීම හැරෙන්නට රජයට කළයුතු වෙනත් දේ නැතිද? නිකං බොරු එපා.. මුලින්ම බස්වල මගීන් ගෙනගියේ ආසන ගානට.. ඒත්,දේශපාලකයන් හා බලධාරීන් නිදාසිටි නිසා පොල් පටවන්නා සේ මගීන් රැගෙන ගියා. මනුස්සකමක් තිබුණේ නැහැ. ඕනෑම වාහනේක ආසන එන්නේ ඒ ගානට මිනිසුන් ගෙනියන්න. ඉන්දියානු ලොරි, චැසිබස් වල සීට් ගාණට ගෙනිච්චාට පාඩුවක් නැහැ. පොල් පටවන්නා වගේ පටවපු අයට ඒ රස නැතුවම බැහැ වගේ නේද? ඒ දිනවල ඉපැයුවේ අයුතු ලාභ.. නීතියේ හැටියට එයටත්, මහජන කරදර හිරිහැර කිරීම යටතේත් ඔබලාට නඩු දාන්නයි වටින්නේ....
ආරංචියේ හැටියට බොහෝ පුද්ගලික සමාගම් තම කාර්යාල සේවකයින්ට අනාගතයේදී පරිගණක භාවිතා කරමින් තම නිවෙස්වල සිට වැඩ කිරීමට උනන්දු කරනවා. පෙනෙන හැටියට ප්‍රවාහන සේවාව මගින් බිල්ලට දී තමන් ගැන පමණක් සිතු කාලය හමාර වේගෙනයි යන්නේ...
ගැමුණු ඔයා ගෝනි නැතිව කරේ යන්න වගෙයි නේද?
මේ අය වෙනදා වගේම සමහරවිට වෙනදාටත් වඩා මගීන් පටවලා තව සහන ඉල්ලනවා. කොහේවත් සීට් ගාණට නොවෙයි, මගීන් ගෙනියන්නේ... පොල් පටවනවා වගේ පටවන්නේ පොලිසියෙන් අල්ලන්නෙත් නැහැ.
මගීන් කියන්නේ සත්තු කියලා හිතන බස් සමිතිකාරයින්...
බස් හදලා තියෙන්නේ සීට් ගාණට විතරයි. බැරි කෙනෙක් ඉන්නවා නම් බස්එක ගෙදර තියලා නිකන් ඉන්න. අපි කිව්වේ නැහැනේ ඒ අයට බස් දාන්න කියලා. වෙඩ කරන්න බැරිනම් රජයට පවරාගන්න... එච්චරයි. මුදලාලිට ඕනෑ හැටියට රට කරන්න දෙන්න ඕනෑ නැහැ. මේක තනිකරම මාෆියාවක්...
හැම ව්‍යාපාරයක්ම වගේ පාඩුපිට දුවන්නේ. පවතින තත්ත්වය තෙරුම් ගත යුතුයි. ඔය විදිහට රජයෙන් යැපෙන්න එයාලා ස්වේච්ඡා සහන සේවයක් කරනවා නෙවෙයිනේ. කරන්න බැරිනම් නතර කරපුදෙන්... ලංගම ඉතිරි ටික බලා ගනී. කවදත් සේවයක් කළේ ලංගම...