(සුජිත් හේවාජුලිගේ )

පෞද්ගලික උපකාරක පන්ති සම්බන්ධයෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයාටද මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් ලබා දුන් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා  පැවැසීය.

මේ අනුව සියලුම උපකාර පන්ති ලබන මස පළමු වැනිදායින් පසු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද මන්ත්‍රීවරයා විශ්වාසය පළ කළේය.

පාසල් විවෘත කිරීමට සමගාමීව පෞද්ගලික උපකාරක පන්තිද ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ්  කමිටු රැස්වීමේදී පෙන්වා දුන්නේය.