(යොහාන් භාසුර)
‘කොවිඩ්’ රෝගීන් හඳුනාගැනීම සඳහා යොදාගන්නා පී.සී.ආර්. පරීක්‍ෂණයක උපරිම ගාස්තුව රුපියල් 6500ක් ද, ඇන්ටිජන් පරීක්‍ෂාවක උපරිම ගාස්තුව රුපියල් 2,000ක් ද, ලෙස පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා උපරිම මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙම උපරිම මිල නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. පෞද්ගලික රෝහල් මේ වන විට පී.සී.ආර්. පරීක්‍ෂණයක් සඳහා රුපියල් 8000 මුදලක් ද, ඇන්ටිජන් පරීක්‍ෂාවකට රුපියල් 2500 සිට 3000 දක්වා මුදලක් අය කරයි.
මෙම තත්වය පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණි පිළිබඳව අවදානය යොමු කරමින් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතාගේ මැදිහත් වීමෙන් මෙම උපරිම මිල නියම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ සර් ගේ ගැසට් ගැහිල්ල .ආපු දා ඉඳන්ම ගැසට් ගහනවා ආපහු මාරු කරනවා
රෝහල් කළුකඩ මාෆියාව තුල සාධාරණ මිල ගණන් කතා ගැන කිරීමත් විහිළුවක්. නරි හුවකටත්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මහපාරේ තප්පුලමින් නටන හරක්ට, නිදහස් සෞඛ්‍ය ගැන නම් වගේ වගක් නැති ගානයි. කොහොමත් ඉතින් තමන්ට වඩා අනුන් ගැන හිතලා වැඩ කරන එක හරකුන්ගේ ස්වාභාවයනේ. සමහරවිට ඒක වෙන්න ඇති පෞද්ගලික රෝහල් ගැන හරකුන් මෙතරම් නිශ්ශබ්ද?
ඇන්ටිජන් බැලීමට අවශ්‍ය KIT එක ඉතාම අඩු මිලට ලෝක වෙළඳ පලේ තිබෙනවා.. ලංකාවේ මුදලින් රුපියල් 250කට වඩා අඩු මුදලකට ලබාගන්න පුළුවන්.. ඒ සඳහා 2000ක් අයකිරීම ඉතා අසාධාරණ නොවේද?
කොරෝනා කැරකෙව්වා ප්‍රද්ගලික රෝහල්වලට, ජනතාවට ගෙවල්, දොරවල් උකස් කරන්න වෙයි.