IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට

(සුමතිපාල දීයගහගේ  )

අහංගම නගරයේ ඉදි වෙමින් පවතින දෙමහල්ගො ඩනැගිල්ලක් තුළදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම වැඩ බිමේ සේවකයින්දෙදෙනෙකු අද  (20) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කුන්ඩසාලේ පදිංචිකරුවෙකුවු පෙදරේරු රැකියාවේ නිරතව සිටි ආසිර්වාදන් සුසරාජ් (38) නැමැති තිදරු පියෙකි.

මේ මරණය පිළිබද මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වු ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්විමට කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නේය.

පසුගිය 17 වන දින මොහු අසනීපවි වැඩබිම තුල වැටි සිටින බවට එහි සේවකයින් අහංගම පොලිසියට පැමිණිලිකර ඇත ඒ අනුව පැමිණි 1990 ගිලන් රථ

සේවය රෝගියා පරික්ෂා කර බලා මොහු මිය ගොස් ඇති බව පොලිසියට දැනුම්දි තිබේ.

සිද්ධියවු දින එකම වැඩබිමේ සේවය කරන සැකකරුවන් සහ මියගිය පුද්ගලයා සමඟ රාත්‍රී සාදයක් පවත්වා  ඇති අතර ඊටපසුව ඇතිවු ආරවුලකදි මොහුට අතින් පහරදි බරපතල තුවාල සිදු කොට ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි හෙලිවි තිබේ .

මෙම මරණය සම්බන්ධයෙන් කුන්ඩසාලය සහ අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (0)

පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site