
(තිලකරත්න දිසානායක)
ගම්පහ ඇතුලු අවට ප්‍රදේශයන්හි සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු සැරිසරන බවට පොලීසියට ලැබී ඇති තොරතුරක් මත කළ විමර්ශනය මත විදේශයක නිෂ්පාදිත රිවෝල්වරයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු යාගොඩමුල්ල ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ ඔවුන් සන්තකයෙහි තිබී විදේශයක නිෂ්පාදිත වෙම්බ්ලි ටී - 8 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ තුනක් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
සැකකරුවන් මිනුවන්ගොඩ,හීනටියන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 සහ 31 වයසේ පසුවන්නවුන් වන බවත් මොවුන් දෙදෙනා පාතාලයට සම්බන්ධ මියගිය පත්තඩුවන කලු අජිත් නමැත්තාගේ සමීපයින් දෙදෙනෙකු වන බවත් පොලීසිය කියයි.
සැකකරුවන් සතුව තිබූ ගිනි අවිය කලු අජිත් නමැත්තාගෙන් ලැබී ඇති බවට ප්‍රශ්ණ කිරීමේදී සැකකරුවන්ගෙන් අනාවරණය වූ බවත් පොලීසිය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd