IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පාතාල තර්ජන එල්ල වූ පොලිස් නිලධාරීන්ට ආරක්‍ෂාව

(යොහාන් භාසුර)

මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මර්දනයට වර්තමානයේ සෘජුව මැදිහත්ව සිටින සහ විශ්‍රාම ලබා සිටින පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඝාතනය කිරීමට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම්කර තිබෙන්නේ යැයි ලැබුණු බුද්ධි තොරතුරු මත එම නිලධාරීන්ට ආරක්‍ෂාව ලබාදී ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ජාවාරම්කරුවන්ට හිසරදයක් වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙසේ ඝාතනය කිරීමට සැළසුම් කර ඇති බව හෙළිවී තිබෙන බවත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් සහ පාතාල මර්දනයට වැඩිම දායකත්වයක් දැක්වූ මෑතකදී විශ්‍රාම ලැබූ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු වන මංජුල ද සිල්වා සහ ඊ. එස්. ධර්මප්‍රිය යන මහත්වරු ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි පොලිස් බුද්ධි අංශ පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

බස්නාහිර පළාතේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, දැනට සේවයේ නිරත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද, මෙලෙස තර්ජන එල්ල වී ඇති බවත් තර්ජන එල්ල වී සිටින පොලිස් නිලධාරීන්ට පෞද්ගලිකව ආරක්ෂාකාරීව සහ කල්පනාකාරීව සිටින ලෙස උපදෙස් දී ඇති බව ද පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනයට සෘජුවම සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් තර්ජන එල්ල වී ඇති බවට වින්ධිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය සහ පොලිස් මූලස්ථානයට මීට පෙර වාර්තා කර තිබූණි.

රට තුළ පසුගිය මාසයක පමණ කාලය තුළ සිදුවූ ඝාතන 20 න් වැඩි සංඛ්‍යාවකට චෝදනා එල්ල වී තිබෙන ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල සාමාජිකයන් දෙදෙනකුගෙන් මෙම තර්ජන එල්ල වී ඇති බවට බුද්ධි තොරතුරුවලින් වැඩි දුරටත් දැනගන්නට තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස් නිලධාරීන්ට තර්ජන හේතුවෙන් එසේ ආරක්‍ෂාව සපයා ඇති බවට තමන් දැනුවත් කර නොමැති බවය.  



අදහස් (2)

පාතාල තර්ජන එල්ල වූ පොලිස් නිලධාරීන්ට ආරක්‍ෂාව

Prabha Saturday, 02 July 2022 02:02 AM

ඉස්සර නම් සර්ගේ නම කිව්වත් පාතාලෙට මළමූත්‍ර පහවෙනවා කියලා තමයි කිව්වේ...!

:       0       1

BamunuarachchiSunday, 03 July 2022 09:58 AM

ඔව් ඔව්... දැන් පොලිසියට අල්ලාගෙන එන පාතලයාගෙන් අහන්නේ.. ඔබතුමා මොකද ඔය ලොරියකින් පැට්‍රල් ඇද්දේ කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site