
(දයාරත්න ඇඹෝගම)
මැදවච්චිය,ඉසෙන්බැස්සගල ප්‍රදේශයේ නිවසකදි සිය පුත්‍රයා විසින් 81 හැවිරිදි සිය මවට පොරොවකින් පහරදි ඝාතනය කොට ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.
මේසේ ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය,ඉසෙන්බැස්සගල පදිංචිව සිටි බණ්ඩාගේ හින්නිහාමි(81)නැමති සත්දරු මවකි.
මියගිය මෙම මවගේ දරැවන් හය දෙනෙකු විවාහවි වෙන්ව ජිවිත්වන බවත් 59 හැවිරිදි තවත් එක් පුත්‍රයෙකු සමග ඇය නිවසේ ජීවත්වු බව පොලිසිය පැවසිය.
එම පුත්‍රයා මුදල් ඉල්ලා නිතර ඇයට කරදර කරමින් බහින්බස් වන බවත්ඊයේ (27)දින එසේ ආරාවුලක් සිදුවු බවත් එහිදි පුත්‍රයා විසින් මවට පොරොවකින පහරදිම නිසා ඇය එම ස්ථානයේදිම මිය ගොස් තිබු බවත් පොලිසිය පැවසිය.
සිය මව බැලිමට නිවසට පැමිණි දියණියක් සිය මව නිදි යහනේදිම මිය ගොස් සිටින බවට දැක ඒ සම්බන්ධයෙන් ඇය විසින් පොලිසියට පැමිණිලි කොට තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනත්තරිය පාපකර්ම. තිරිසනෙක් වත් මෙහෙම කරන්නේ නැහැ.
මෙහෙමත් කාලකන්නි තිරිසන්නු
මූට යන්න අපායක් නැහැ. මූ වෛරකාරයෙක්. මේ අම්මගේ බඩේ ඉපදිලා පලිය ගත්තා. සංසාරය කොතරම් බියකරුද?
මූව ඉවරයක් කරන්න ඒ පොරවෙන්ම
කල්පාන්තරයක් නොනවත්වාම ගින්නෙන් පිලිස්සෙන්නට නියමිත කෙනෙක් ඊට පෙර සැනසීමෙන් සිටින අවසන් වර්ෂ කීපය. සම්මා සම්බුදුවරයෙක් ලොව පහල නොවන්න අපි මේවා කෙසේ දැනගන්නද?