(නිමන්ති රණසිංහ)

පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් "පොඩි ලැසී" නමැත්තා ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන  මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (04)  නියෝග කලේය.

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමසීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන සිටි මෙම සැකකරැ  ඉකුත් (15) පෙරවරැවේ අධිකරණයට  ඉදිරිපත් කල අවස්තාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නාකොටික් නිලධාරීන්ගේ සිද්ධියට අදාළව මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.