ඩී.ජී.සුගතපාල
සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ විවිධ ප්රදේශවලට ගොස් පච්ච කොටා මුදල් උපයා ගැනිමේ යෙදි සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් රුසියානු ජාතිකයෙකු 23 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂන් කැකුණවෙල මහතා නියෝග කලේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ ඇන්ඩ්රි පවුලෝවිච් අම්ෂානිකෝව් නමැති රුසියානු ජාතිකයෙකි.
සැකකරු ගාල්ල කනම්පිටිය ස්ථානයක නතරව සිට මුදල් අයකරමින් පච්ච කොටන බවට ලැබුන තොරතුරක් අනුව එම ස්ථානය වටලා පච්ච කෙටීම සඳහා යොදාගත් උපකරණද සමග අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේද සැකකරු තරුණයෙකුගේ ඇඟේ පච්ච කොටමින් සිට ඇති අතර තරුණයා පවසා ඇත්තේ පච්ච කෙටිම සඳහා රුපියල් පහළොස් දහසක් අයකරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ක්රියාත්මක නීතිය අනෙක් ජාතීන්ටද ක්රියාත්මක කළ යුතුයි.. ඉන්දියාවෙන් ඇවිත් ගොයම් කපනවා, සාස්තර කියනවා, බඩු විකුණනවා, රන්බඩු වෙළඳසැල්වල වැඩකරනවා, කම්කරු වැඩකරනවා, පාකිස්තානයෙන් අවිත් ඉන්නවා, මාලදිවයිනෙන් ඇවිත් ඉන්නවා, චීනෙන් ඇවිත් ඉන්නවා, මේ සියලු දෙනාටම නීතිය ක්රියාත්මක කර, අත්අඩංගුවට ගෙන, රටින් පිටුවහල් කළයුතුයි.
මාස තුනේ සංචාරක විසා මත පැමිණ නීතිවිරෝධී ලෙස මුදල් උපයා, ඒ මුදල් ඩොලර්වලට හරවා ඔවුන් රැගෙන යන්නේ රටේ ජාතික ධනයයි. වැඩිම ප්රමාණයක් මේ මුදල් රටින් පිට යන්නේ නීති විරෝධී රැකියාවල් හරහායි. මේවා හැකි ඉක්මණින් නතර කළ යුතුයි..!
සංචාරකයින් එනවා කියලා උඩ පැනගෙන ගණන් හිලව් පෙන්නුවට, වැඩි හරියක් එන්නේ මෙහෙම අය තමයි. පාකිස්තානයෙන්, ඉන්දියාවෙන් ඇවිත් රැකියා කරන අය ගැනත් හොයලා බලන්න.
අගක්, මුලක් දන්නේ නැතුව හරක් වගේ අදහස් දක්වන්න එපා.. මේ පිටරට කොච්චර ලාංකිකයින් ඉන්නවද? හොරෙන් වැඩ කරන... ඉඩම්, දේපල උකසට තියලා පොළියට ලක්ෂ දහය පහළව දීලා මෙහේ ඇවිත් නොවිඳිනා දුක් විදින... ඒ අයව මේ රටවලින් එලෙව්වොත් මුළු පවුල්පිටින් අනාථයි නේද?
ලංකාවේ මිනිස්සු මොන තරං පිටරටවල වැඩ කරනවද එ් මිනිස්සුන්ටත් අද අපේ රටේ මිනිස්සු හිතන විදිහට සලකල හිරේ දාලා දඩ ගහලා ලංකාවට එව්වා නම් අද ලංකාව ලෝකේ තියෙන දුප්පත් ම රට වෙනවා. අද ලංකාවට වැඩිම ආදායමක් ගේන්නේ සිංහල පිට රටවල ඉන්න මිනිසුන්. කාලකන්නි විදිහට හිතන් නැතුව මොළයෙන් හිතන්න. මම මේ කියන්නේ අවුරුදු 25 පිට රට ජිවිතේ අද්දැකීම තුළින්.. යුරෝපයේ මිනිසුන් එ් අතින් මොන තරං හොඳද? මොනතරම් සරණාගතයන් එනවද මේ වගේ හිරේ දැම්මනම්..?? අද ලංකාවේ මිනිස්සු කොච්චර වීසා නොමැතිව ඉන්නවද... අපේ රටේ ඕන තරම් හිරේ දාන්ඩ ඕන උන් රට පාලනය කරන්නේ.. ඔය දේට දඩයක් නියම කරලා රටින් පිට කලානම් ඉවරයිනේ...
ලෝකයේ ඕනම රටක මෙවැනි දේ සිදු වෙනවා. කළ හැක්කේ අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කිරීම. අනෙක් අතට සංචාරකයින් රටට එද්දි හිතේ තියෙන දේ පරිලෝකනය කරලා බලන්නත් බෑ. විකල්පයක් ලෙස සංචාරකයින් රට තුළ උපරිමව වියදම් කිරීම සඳහා පෙළඹවිය හැකියි.