(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)
මඩොල්සිම කොකාගල පුංචි ලෝකාන්තයෙන් ප්‍රපාතයට වැටී අතුරුදන් වූ බව කියන පුද්ගලයා තුන් දින මෙහෙයුමකින් පසු අද (9) දින යුද හමුදා විශේෂ කාර්ය බළකා නිළධාරීන් කඹ ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළට බැස සිදු කළ මෙහෙයුමකින් පසු සිරුර හමුවු බව පොලිසිය කියයි.
ලෝකාන්තයේ උඩ සිට මීටර් 1500ක් පහළින් තිබෙන දොරපොද රඹුක ප්‍රදේශයේ ගල් තලාවක් මත තිබී සිරුර යුද හමුදා විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සොයාගනූ ලැබීය.
මෙසේ ලෝකාන්තයෙන් පහළට වැටී ඇත්තේ මග්ගොන ප්‍රදේශයේ පදිංචි මාධ්‍ය ආයතනයක සැලසුම් ශිල්පියකු ලෙස කටයුතු කරන ඩී.දිනුර විජේසුන්දර නැමති 34 හැවිරිදි පුද්ගලයෙකි.



ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදාවට "විශේෂ කාර්ය බලකාය" නමින් ඒකකයක් තිබෙනවාද යන්න දන්න කෙනෙක් කියනවාද?
අධික වැසි සහ මීදුම සහිත මෙවැනි කාලයන්හි මේ ප්‍රදේශ වල ගමන් යාම අවදානම් බව මේ අයට නොතේරීම පුදුමයක්...
එස්.එෆ්. (ස්පෙශල් ෆොර්සස් බලකාය) යුද මෙහෙයුම් කාලවල මොවුන් මාස, අවුරුදු ගණන් ඝන කැලෑවල හිටියේ. කොටින්ට තිබුණු ලොකුම තර්ජනයක්... මෙහිදී මා සරත් ෆොන්සේකා මහත්මයාද මතක් කරන්න කැමතියි.
යුද්ධ හමුදා විශේෂ බලකාය ලෙස මෙය මා දන්නා තරමින් නිවැරැදි විය යුතුය.. විශේෂ කාර්යය බලකාය නම් එය ශ්‍රී ලංකා පොලිසිය විය යුතුයි. පින්තූර වල ඇති දසුන්වලට අනුව නම් මේ වීර ක්‍රියාව සිදුකොට ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා වීශේෂ බලකායෙහි සිටිනා සුවිශේෂී සෙබළුන් පිරිසක්ය.