(ටී.කේ.ජී.කපිල)

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් මාර්තු මස ‍(4) දින තෙක් ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා අද (1) පැවසීය.

පාකිස්තානය සහ ඉන්දියාව අතර උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය නිසා ආරක්ෂක පියවරක් වශයෙන් පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එරට ගුවන් කළාපය මාර්තු මස ‍(4) වැනිදා තෙක් වසා දැමීමට තීරණය කර තිබීම එයට හේතුව බවද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

එහෙත් මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද පාකිස්තානය විසින් සිය ගුවන් කළාපය විවෘත කළ විගස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.