බිඟුන් මේනක ගමගේ
දේශපාලන පක්ෂ සියල්ලේම වාර්ෂික ගිණුම් වාර්තා, ප්‍රතිපත්ති ප්‍රකාශ හා පක්ෂ ව්‍යවස්ථා සිය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරුවලට අදාළ පුරවැසි ඉල්ලීම් දිනෙන් දිනම වැඩි වන බැවින් ඔවුන්ට පහසුවෙන් තොරතුරු ලබාගැනීම සඳහා මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
අදාළ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා කීය.
අදාළ දැනුවත්කිරීමට අදාළ ප්‍රතිචාර සතියක් ඇතුළත බලාපොරොත්තු වන බවත් ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත මෙම තොරතුරු මහජන ප්‍රසිද්ධිය උදෙසා වෙබ් අඩවියට ඇතුළත් කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයෙන් ඇති වුනු දෙයක්
ඔයි වගේම අර එන්.ජී.ඕ. ගිණුම්ද පලකරන්නකෝ? එතකොට අපිට හිතාගන්න පුලුවන්වෙයි කොයි කොයි කිල්ලොටේද හුණු තියෙන්නේ කියලා...
ඇත්තෙන්ම අප මෙය අගය කරන්නෙමු. මෙයට සෑම පක්ෂයක්ම සහයෝගය දිය යුතුයි යන්න අපගේ අදහසයි. කිනම් හෝ පක්ෂයක් තුළ ගෝනි සෙල්ලම් තිබේනම් විශේෂයෙන් ගිණුම් පිළිබදව එම නිවට පක්ෂ මෙසේ තම ගිණුම් ප්‍රසිද්ධ කරනවාට විරුද්ධ වනු ඇත.
මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන නායකයෝ එක වේදිකාවට ගෙනත් ජනතාවට ප්‍රශ්න අහන්න අවස්ථාවක් වෙන රටවල වගේ ඇති කරන්න කියල මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා. බොරු මඩ ගහගැනිලි විතරයි අපි මෙතෙක් දැක්කේ රටට ප්‍රයෝජනවත් දේවල් ගැන අහන්න පුළුවන් වේදිකාවක් හදලා දෙන එක තමයි අද කල යුත්තේ
ඕවා තිබුණට වැඩක් නැහැ. මැතිවරණ ලංකාවේ නැහැ.
මොන කොමිසම උනත් වැඩක් නැහැ. වැල යන්නේ එක පැත්තකට