(නිමන්ති රණසිංහ)
රාජගිරිය ගුවන් පාලම අසලදී රිය අනතුරක් සිදු කර එය වළාක්වා නොගත්තැයි වැලිකඩ පොලිසිය අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ප්‍රභාගරන් මහතා නියෝග කළේය.
දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සැකකාර නීතිඥවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් මෙම නියෝගය කළේය.
රතුඑළිය මාර්ග සංඥ නිකුත් කර තිබියදී රිය ධාවනය කර මෝටර් රථ ආඥාපනත ප්‍රකාරව අනතුරක් සිදු කිරීම, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා මත මෙම සැකකරු අද වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පා.මන්ත්‍රී පුත් රඛිත රාජපක්ෂට ඇප
Bamunuarachchi Tuesday, 20 April 2021 12:37 PM
අනතුරක් එකක් වුණාම පා.මන්ත්‍රී පුත් හෝ පා.මන්ත්‍රී කියා විශේෂත්වයක් තිබෙනවාද? හැබැයි වුණ වැරැද්ද ලිහිල් කරන්න එපා.
Siri Tuesday, 20 April 2021 04:03 PM
තාත්තා කව්ද? රාජපක්ෂලා ගොඩක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ.තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව අහන්නේ.
BamunuarachchiThursday, 22 April 2021 02:46 AM
ඔබ ඇක්සිඩන්ට් එකක් වුණාමත් තාත්තා ගැන හොයන්න ඕනෙද? එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් නේද?
Nihal Wednesday, 21 April 2021 02:19 AM
අගතියට පත් පාර්ශ්වය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇප දෙන්න පුළුවන් ද?
Bamunuarachchi Friday, 23 April 2021 06:26 AM
නිහාල් අගතියට පත් වුණයි කියන්නේ හැප්පුණු කෙනාද හප්පපු කෙනාද, මේ රෝහල් ගත වෙලා ඉන්නේ හප්පපු කෙනා කියලයි අපි දන්නේ.