(සුජිත් හේවාජුලිගේ)

විධිමත් සම්මුඛ පරීක්‍ෂණවලින් තොරව බඳවාගත් විශාල පිරිසක් ජාතක නිවාස සංවර්ධන අධිකාරියේ විවිධ තනතුරුවල සේවය කරමින් වැටුප් උසස් වීම් ඇතුළු විවිධ වරප්‍රසාද ලබන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව)  තොරතුරු අනාවරණය විය.

පසුගිය කාලයේදී සමහර ඇමතිවරුන් මේ ආකාරයට  තොග පිටින් සේවකයන් බඳවාගෙන ඇති බව හෙළිවී යැයි  එම කමිටුව පවසයි.

දේශපාලන පලිගැනීම් යටතේ මේ පිරිස බඳවාගෙන ඇති බවත් ඒවාට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා ලබාගෙන ඇති බවත් සඳහන්වේ

මේ ආකාරයට සේවකයන් බඳවාගෙන තිබියදීත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුරප්පාඩු හත්සිය හතක් තිබෙන බව එහි නිලධාරීහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ සභාපතිවරයා කළ විමසුමකදී  නිලධාරිනියක පැවසුවේ සේවකයන් එකවර විශාල පිරිසක් විශ්‍රාම ගැනීම නිසා මෙම තත්ත්වය ඇතිවූ බවයි.

කෝප් කමිටුව එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.