
(අංජුල මහික වීරරත්න)
නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දේශපාලන බලය භාවිත කරමින් ඉඩම් අල්ලා ගැනීම හේතුවෙන් නැගෙනහිර පළාතේ ගැටලු රැසක් මතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් ඊට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
සමුද්‍ර ඛාදනයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වෙරළ තීරය ආරක්ෂා කර ගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා නිසි සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ගල්වැටි දැමීම සමුද්‍ර ඛාදනය වලක්වා ගැනීමට ප්‍රායෝගික විසදුමක් නොවන බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔලුවිල් වරාය මෙන්ම ඒ ආශ්‍රිත ධීවර වරාය පිළිබඳවද අවධානය යොමු කරමින් මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දිය හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදු කරන ලෙස උපදෙස් දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd