
(අංජුල මහික වීරරත්න)
රටක් ලෙස නැවත නැගී සිටීමටත් හානි වූ දේපල යථාතත්ත්වයට ගැනීමටත් ගෝලීය වශයෙන් ආධාර ලැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස්වරි ඉසබෙල් මාටින් මහත්මිය හමුවේ පැවසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව සිදුවිය.
ශ්‍රී ලංකා කැනඩා සහයෝගීතාව තවත් වර්ධනය කරමින් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායකවරයා සහ කැනඩා මහකොමසාරිස්වරිය අතර මෙම හමුව සිදුව තිබේ.
මේ ද්විපාර්ශ්වීය හමුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහකොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය ශ්‍රී ලංකාව මුහුණ දෙන සාර්ව ආර්ථික අභියෝග සම්බන්ධයෙන් මෙන්ම දිට්වා සුළි කුණාටුව නිසා සිදුවූ විනාශයෙන් පසු රටට බලපෑ සමාජ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාවේ මේ වන විට බලපෑමට ලක් වූ සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ක්ෂණික සහන, ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවෙම අලි මන්තරවලින් පුළුවන් කියල. අනේ අපිට වැරදුන තරමක්.
හිඟමනේ යනවා වෙනුවට හොඳ නැද්ද බොරු ප්‍රශ්න කියමින් ජනතාව කනස්සල්ලට පත් කිරීම නවත්වන එක
කිසිදෙයක් ඕන නැහැ මෝඩ පුතනෝ පාර්ලිමේන්තුවෙන් පැන්නුව නම් ඇති .
මුන්ගේ පරගැති මානසිකත්වය තියෙන තුරු මේ රට ගොඩනගන්න බැහැ. අනිත් අයට අතපාලා හිඟා කනවට වඩා සතුටක් හෝ සැපතක් මුන්ට නෑ
අර සමෘද්ධියෙන් සල්ලි අරගෙන වගේ බැරි වෙයිද? හැබැයි සජිත් හිටියා නම් “සහෝදරියට ” කියලා හොර සල්ලි අච්චු ගහලා හරි රට බේරගන්නවා.
පහුගිය ජනාධිපතිවරණ වෙලාවේ මෙයා කිව්ව නේද, ඔහුට පහසුවෙන් විදේශ ආධාර ගන්න පුළුවන් කියලත්, එක ඔහු ළඟ දන ගස්සල ආධාර ගන්න පුළුවන් කියලත් සහ විදේශ ගත වෙලා ඉන්න ඔහුගේ මිත්‍රයන් මාර්ගයෙන් ආධාර ගන්න පුළුවන් කියලත්. කෝ ඉතින්?
මෙය විය යුත්තේ . කකුලින් අදිනවා වෙනුවට ප්‍රථම වරට අගයමි!!!
තමුන් කිව්වත් නැතත් ජනතාවාදී ආණ්ඩුව ඒ පිළිබදව කටයුතු කරනවා?