IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නෙළුම් කුලුන අද පිපෙයි

(නිමල කොඩිතුවක්කු)

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා ප්‍රකාශ කළේය.

එහි පළමු අදියර ලෙස දෙස් විදෙස් ජනතාවට කුලුනට පිවිස එය නැරඹීමේ අවස්ථාව උදාවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මීටර් 365 ක උසකින් යුත් කොළඹ නෙළුම් කුලුන නැරඹීම සඳහා දිනකට 1400ත් 2000 ත් අතර පිරිසකට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බවත් ඔහු පැවසීය.

නෙළුම් කුලුන ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකිවන අතර පාසල් දරුවන් සඳහා ප්‍රවේශ පත්‍ර රුපියල් 200 කි.

එමෙන්ම විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20ක් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

සතියේ දිනවල පස්වරු 2. 00 සිට රාත්‍රි 10.00 දක්වාත් සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වාත් ජනතාවට නෙලුම් කුලුනු නැරඹීමේ අවස්ථාව උදාකර තිබේ.

මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුලුන ආයෝජනයට එක්ව ඇති බවත් බැංකු සහ ව්‍යාපාරික ආයතන රැසක් ඒ අතර වන බවත් ඔහු සඳහන් කළේය.

මේ වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා විවිධ උත්සව සඳහා ඇණවුම් ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නෙලුම් කුලුනේ පැවැත්වෙන සංගීත සංදර්ශන, සැණකෙලි සහ ආහාර ප්‍රදර්ශණ සඳහා ජනතාවට සහභාගී විය හැකි බවත් ඔහු තවදුරටත් කීවේය.

 



අදහස් (4)

නෙළුම් කුලුන අද පිපෙයි

පිටිගල මිලානෝ Thursday, 15 September 2022 10:18 AM

කන්න පාන් කෑල්ලක් නැහැ නමුත් නගින්න එන්නලු නෙළුම් කුළුක…. මොකෝ පැනලා මැරෙන්නද?

:       123       19

Nayan Thursday, 15 September 2022 10:18 AM

නෙළුම් කුලුන මහජනතාවට විවෘත කර මුදල් ඉපයීම චීන රජයේ උපදෙස් මත සිදුකරන කටයුත්තක්. හැම ටිකට්පතකින් වැඩි මුදලක් යන්නේ චීනයට. කැමතිනම් විශ්වාස කරන්න නැත්තන් බස් හයර් කරන්, බත් බැඳන්, කණුව බලන්න යන්න.

:       86       15

Nayan Thursday, 15 September 2022 10:22 AM

නෙළුම් කුලුන මහජනතාවට විවෘත කර මුදල් ඉපයීම චීන රජයේ උපදෙස් මත සිදුකරන කටයුත්තක්. හැම ටිකට්පතකින් වැඩි මුදලක් යන්නේ චීනයට. කැමතිනම් විශ්වාස කරන්න නැත්තන් බස් හයර් කරන්, බත් බැඳන්, කණුව බලන්න යන්න.

:       56       15

samaadi Thursday, 15 September 2022 12:20 PM

චීන්නුන්ට කියලා ණයට දර්ශනයට ඔය අනවශ්‍ය මඟුල් හදවා ගත්තනම් එව්ව ගෙවිය යුතුයි. චීනුන්ගෙන් කාලා බීමාල ඇමෙරිකාවට ආවඩන අපිට ඔහොම වෙලා මදි!

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site