(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවසේ දේපළවලට රුපියල් ලක්ෂ තුන හමාරකට වඩා වැඩි අලාභයක් අනර්ථයක් සිදු කළේ යැයි චෝදනා මත දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන අනුර බණ්ඩාර මහතා බව පොලීසිය කියයි.
කාලයක් තිස්සේ දෙපිරිසක් අතර පවතින පුද්ගලික ගැටුමක් මත නාගරික මන්ත්‍රීවරයා රාත්‍රී කාලයේ මෙම නිවසකට ඇතුළු වී එහි තිබූ ආරක්ෂිත කැමරා පද්ධති කඩා දමා වාහන වලට පහර දී අලාභ හානි සිදුකරමින් සිටින බව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල නාගරික මන්ත්‍රීවරයා වාහන වලට පහර දීම සහ එම නිවසට පහර දීම ආදී ඔහු හැසිරෙන ආකාරය පිළිබඳව ඔවුන්ගේ සීසීටීවී කැමරාවල සටහන් ව ඇති දත්ත සියල්ල පැමිණිලිකරුවන් විසින් පොලීසියට භාර දී තිබේ.මීට පෙරද මෙම දෙපිරස අතර ගැටුම් ඇතිවී ඇති බවත් පොලිසිය කියයි.
සැකකාර නාගරික මන්ත්‍රීවරයාව අද(31) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාගරික මන්ත්‍රී වරෙන්කො අපේ ගෙදරකට.... අනේ මම ඇයි මෙහෙම ලෝකෙක ඉපදුනේ කියලා හිතෙන්න විදිහට මම සලකන්නම්....
මෙ වගේ අයට ඡන්දෙ දෙන බයියොත් ඉන්නවනේ. වහාම මන්ත්‍රීකමෙන් අයින් කරන්න.
චණ්ඩියා නම් ගහන්නකෝ පොල්ලක් අරන් ඔය පාරේ වෙළඳාම් කරන චීන්නුන්ටයි, ඉන්දියන්කාරයින්ටයි