IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


නේවාසික රෝගීන්ට ආහාර සැපයුමත් සීමා වෙයි

(ඩයනා උදයංගනී)

ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ ගෑස් අර්බුදය හේතුවෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ආහාර සැපයීම ද ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.

කොළඹ ජාතික රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්‍ෂා රෝහල, කළුබෝවිල ශික්‍ෂණ රෝහල ආදී ප්‍රධාන රෝහල මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය රෝහල් රැසක මෙම තත්වය මතුව ඇති බව සඳහන්ය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වන රෝගීන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට ලබාදෙන ආහාර මාස හතරක පමණ කාලයක් තිස්සේ සීමා කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට එළවළු වර්ග දෙකකින් පමණක් සමන්විත ආහාර වේලක් රෝගීන්ට ලබාදෙමින් ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය පෝෂණීය ආහාර ලබාදීමක් නොවන බවත් එම ප්‍රකාශකයා කීවේය.

වට්ටක්කා, පරිප්පු, අල, අඹ, කැරට් ආදී වෑංජන දෙකක් මිස මාළු පෙත්තක් හෝ බිත්තරයක් ලබා දීම මෙන්ම  මීට පෙර රෝගීන්ට ලබාදුන් පළතුරු, යෝගට් ආදී අතුරුපස ලබාදීම ද නවතා ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

දියවැඩියා සහ වකුගඩු රෝගවලින් පෙළෙන රෝගීන්ට නිසි ආහාර වේලක් ලබා නොදෙන අතර සෞඛ්‍ය සේවකයින්ට පොල් සම්බෝල, පිපිඤ්ඤා, අර්තාපල් සහ වට්ටක්කා ආදිය සමඟ බත් පිරිනමන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි එම ප්‍රකාශකයා පැවසීය.

එමෙන්ම ඇතැම් රෝහල්වල ගැබිනි වාට්ටුවල සිටින මවුවරුන්ට ද මේ වන විට ලබාදෙන්නේ පොල් සම්බෝල, අල හොදි ආදිය බවත්, ධාන්‍ය වර්ග ආදිය ලබාදීම සිදුනොවන බවත් වාර්තා වේ.

මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ අපහසුතා හේතුවෙන් නිවසේ සිට දුර බැහැර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට නිවෙස්වලින් ආහාර රැගෙනයාම ද ගැටලුවක් වී ඇත.

මේ හේතුවෙන් රෝහල්වලින් සපයන ආහාර ප්‍රමාණය රෝගීන්ට ලබාදීමට ප්‍රමාණවත් නොවන අවස්ථාද පවතින බව වාර්තා වේ.



අදහස් (1)

නේවාසික රෝගීන්ට ආහාර සැපයුමත් සීමා වෙයි

siri Saturday, 02 July 2022 07:44 AM

මේක ඉතියෝපියාවටත් වඩා අන්ත වෙලා. හොර තක්කඩි නායකයින් අවුරුදු දෙකෙන් රට විනාශ කළා... දැන්වත් ඉවත් වෙලා යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site