(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන ඉන්දියාව බලා ගුවන් පිටත්වී ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1195 දරන එම ගුවන් යානය උදෑසන 9.05 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්වී ගියේය.

ගුවන් යානය තුළ කාර්ය මණ්ඩලය 08 දෙනෙකු  හැර වෙනත් කිසිඳු ගුවන් මගියෙකු නොවීය.

මෙම ගුවන් යානය ඉන්දියාවට ගොස් ආපසු පැමිණීම සඳහා අවශ්‍ය වන ආහාර මෙන්ම ඉන්ධන ද කටුනායක ගුවන් තොටුපළෙන් රැගෙන ගොස් තිබුණි .

ගුවන් යානය අද (29) දහවල් 12.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත අතර ආපසු සවස 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.