
( ආනන්ද ඉ ජයකොඩි)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙණියේ හෝටලයක් අසල දී නවතා තිබූ ලොරියක වෑන් රථයක් හැපී වෑන් රියේ සිටි පස් හැවිරිදි දරුවෙකු මිය ගොස් තවත් පස් දෙනෙකුට තුවාල සිදු වී ඇති බව නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය පවසයි.
එසේ මිය ගොස් ඇත්තේ කඩුවෙල වැලිවිට පදිංචිව සිටි මනුල්ජ සන්දීප් (05) නැමැති දරුවෙකි.
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය ඊයේ (19) කෝන්ගස්දෙනියේ හෝටලයක් අසල නවතා තිබූ ලොරියක හැපී අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
එම අනුතුරින් වෑන් රථයේ රියදුරු අසුනේ වම් පසින් සිටි පස් හැවිරිදි දරුවා බරපතල තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන අතර මගදී මිය ගොස් ඇති බවද පොලීසිය කීය.
එම අසුනේම සිටි විසි පස් හැවිරිදි කාන්තාවක්ද බරපතල තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවත් වෑන් රථයේ පිටුපස අසුනක සිටි තවත් කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි දරුවෙකු ද තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටින බවද පොලීසිය කියා සිටියේය.
වෑන් රථයේ සිටි පිරිස කඩුවෙල සිට අනුරාධපුරය වන්ඳනා ගමනක් යමින් සිටියදී අනතුරට පත් වී ඇති බවත් රියැදුරාට එය පාලනය කිරීමට නොහැකි වී නවතා තිබූ ලොරියක හැපී අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
මිය ගොස් ඇති දරුවා රියදුරා ගේ පුතෙකු බවද පොලීසිය කීය. රියදුරා සැකපිට අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වාහනයක යන මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති නීති අලුත් විය යුතුයි. දියුණු රටවල නම් මේ වයසේ දරුවන් ඉදිරි අසුනේ රැගෙන යා නොහැකියි. මොකද, අනතුරකදී ක්‍රියාත්මක වන එයාබෑග් නිසා දරුවාට, බරපතල තුවාල හෝ මරණය සිදුවිය හැකි නිසා. අනික කුඩා දරුවන් රැගෙන යාමට චයිල්ඩ් සීට් තිබීම අනිවාර්ය කළයුතුයි. මේවා ලංකාවේ වාහන හිමියන් දන්නේවත් නැතිව ඇති...