(ළහිරු හර්ෂණ )

නවගමුව ප්‍රදේශයේ පිහිටි ගෑස් බෙදාහැරීමේ අංගනයකට ගෑස් ලැබෙන තුරු පැය ගණනක් පෝලිම්වල රැදි සිටි ප්‍රදේශවාසීන්ගේ පිපාසය සන්සිදුවීමට අයිස්පලම,ජලය ලබාදීමට නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවිත් ලක්ශ්මන් ද සිල්වා මහතා කටයුතු කළේය.

පෝලිම්වල රැදී සිටි සියලුම දෙනාට සිය පෞද්ගලික වියදමින් අයිස්පලම් සහ ජලය ලබාදීමට ස්ථානධාපතිවරයා කටයුතු කර තිබිණි.

මෙම ස්ථානයට 300කට අධික පිරිසක් රැස්ව සිටියහ. මේ හේතුවෙන් මද වේලාවකට රථවාහන තදබදයක්ද ඇතිව තිබිණි.