(නාලක සංජීව දහනායක)
විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල නවකවදය හේතුවෙන් වින්දිතයන් බවට පත්වූවන්ට සහන සැලසීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ආචාර්ය සලීම් මර්ෂුප් මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය නාරද වර්ණසූරිය, ඌව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය, ජනාධිපති නීතීඥ ප‍්‍රසන්න ලාල් ද අල්විස්, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්ම මහත්මීන් හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාගම්මන ප‍්‍රඥානන්ද හිමියෝ හා ජාතික ධර්මෝපදේශ අධ්‍යක්‍ෂ ආචාර්ය බෙනට් ශාන්ත ප‍්‍රනාන්දු පියතුමාද කටයුතු කරති.
මූලික වශයෙන් ආසන්න වසර කිහිපය තුළ නවකවදය හේතුවෙන් සරසවි හැරගිය සිසු සිසුවියන් පිළිබඳව සළකා බලා මාස තුනක් ඇතුළත දී සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම කමිටුව නුදුරේදීම පුවත්පත් මගින් දැන්වීම් පළකර පැමිණිලි හා අභියාචනා කැඳවා සාක්‍ෂි විමසීම ආරම්භ කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කළයුතු හොඳ දෙයක්. නමුත් මෙවැනි දේවලට යන රජයේ මුදලින් කොටසක් නවක වදය දුන් අයගෙන් ලබා ගැනීමට ක්‍රමයක් ඇති කළ යුතුය. නවක වදය දුන් අය කළ දේවල් වලට සෘජුවම වග කියන බව වටහා ගත්ත අය ලෙස පත් කිරීමට ක්‍රමවේදය සැකසිය යුතුය.