
(ඉන්දිකා රාමනායක)
දිවයිනේ පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට දිස්ත්‍රිකයේ දුෂ්කර පාසල් දෙකක් සංවර්ධන කර සිසු අයිතියට පත් කර ඇත.
නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් හුංගම ඇත්බටුව කණිෂ්ඨ විද්‍යාල සහ සූරියවැව විරියගම මහා විද්‍යාලය පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උලුගේතැන්න යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රධානාත්වයෙන් මෙම පාසල් දෙක සිසු අයිතියට පත් කිරීම සිදු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සෑම නාවික විධානයක් යටතේ ඇති අඩු පහසුකම් සහිත පාසල් 8 ක් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්යාකපෘතිය යටතේ දකුණු නාවික විධානය මඟින් හම්බන්තොට දිස්ත්‍රිකයේ තෝරාගත් මෙම පාසල් දෙක සංවර්ධනය කිරීම සිදුකර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd