IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නාවික සෙබළෙකුගේ පියාට-සොයුරාට පහර දීලා

( පුෂ්පකුමාර ජයරත්න )

වාරියපොළ නෑටිය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි නාවික හමුදා සාමාජිකයෙකුගේ පියාට සහ සොයුරාට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වාරියපොළ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි .

පහර දීමෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කර තිබේ .

යාපනය නාවික හමුදා කඳවුරක සේවය කරන වාරියපොළ නෑටිය පදිංචි තම පුතුගේ සිඟිති දරුවාගේ අසනීපයකට අවශ්‍ය ඖෂධයක් රැගෙන පැමිණි අවස්ථාවෙිදි ඔවුන් කොරෝනා  වෛරසය ආසාදිතයන් යැයි සැක  කරමින් එම පහර දීම සිදුව ඇතැයි වාර්තා වේ .

පහරදීමට ලක්වූ පියපුතු දෙපළ ගනේවත්ත පදිංචිකරුවන් වේ .

එම නාවික හමුදා සාමාජිකයා මෑතකදී තම නිවසට පවා පැමිණ නැති බවද ඔහු කොරෝනා වයිරසය ආසාදනය වූවෙකු බවට තොරතුරු ලැබී නැති  බවද පොලීසිය කියයි . 



අදහස් (24)

නාවික සෙබළෙකුගේ පියාට-සොයුරාට පහර දීලා

මංගල Friday, 01 May 2020 07:21 AM

වැරදිකරුවන්ට දැඩි දඩුවම් දිය යුතුයි. මේ වගේ අමනයන් නිසා යහපත් මිනිසුන්ට ලොකු හානියක් වෙනවා.

:       7       171

KamalFriday, 01 May 2020 08:20 AM

රණවිරුවා කියල උඩ දාපු අයම තමා ඔය පහර දෙන්නේ.

:       556       380

DilanFriday, 01 May 2020 09:36 AM

දන්නෙ කොහොමද ඒ අයමද කියලා ?

:       1       0

LionsFriday, 01 May 2020 12:30 PM

රණවිරුවන් උඩින් තිබ්බ නිසා තමා ඔබ තුමන්ලා අද වීරයෝ වගේ කතා කරන්නේ... නැතිනම් ඔබ තුමන්ලාට පොරටෝක් දෙන්න රටක් කෙසේ වෙතත් ජීවිතයක් පවා නොතිබෙන්න තිබුන . නිකන් යනවා හලෝ යන්න රට්ටු හිනස්සන්නේ නැතුව .

:       0       20

sanjeevaFriday, 01 May 2020 03:11 PM

ඕක වෙන දවස වැඩි කාලයක් නොවන බව මට කාලෙක ඉඳලා තේරුනා. හමුදාවේ අය රණවිරුවෝ වුනේ LTTE සංවිධානයට එරෙහි සටනේදී විතර නේ. 87-90 කාලයේ දකුණේ තරුණයින් බුරුතු පිටින් මරනකොට මොකද වුනේ ? කවුරුත් කිරිබත් කාලා රණවිරු උපහාර උළෙලවල් තිබ්බේ නැහැනේ. හැබැයි එක දෙයක් කියන්නම්. නාවික හමුදාවට මේ මුහුණදෙන්න වූ අවාසනාවන්ත ඉරණමට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ මේ ආණ්ඩුවයි.. යුද්ධයකට යනවා වගේ තුවක්කු මානකරගෙන හෙල්මට් දාගෙන ඉස්සරහට යන්න කිව්වා මිසක් මෙතන කිසිකෙනෙක්ට නොපෙනෙන සතුරෙක් මෙල්ල කරන්න අවශ්‍ය බව කිව්වේ නැහැ. ඔය දෙක හසුරවන්න ඕනේ දෙවිදිහකට... මුළු සිරුරම සම්පූර්නයෙක් ආවරණය වන විදිහට body protection kits දුන්නේ නැහැනේ... තව ලියන්න දේවල් නම් අනන්තයි.. දැනට ඇති ..

:       6       3

RaveendraFriday, 01 May 2020 08:55 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය....මෙම තිරිසනුන්ගේ සියලු පැටිකිරිය චායරුප සමග පළකිරීම වැදගත් වනු ඇත. සමහරවිට මෙම සිදුවීම පිටුපස වෙනත් රූපරාමු තිබිය හැක. කෙසේ වෙතත් මහජනතාව සත්‍ය සිදුවීම දැනගැනීමට අයිතියක් ඇති බැවින් අදාළ ආයතන එය නිසිලෙස සිදුකරනු ඇතැයි අප විස්වාස කරන්නෙමු.

:       0       0

aRUNA Friday, 01 May 2020 07:22 AM

උපරිම දඬුවම් දෙන්න....

:       10       147

Raju Friday, 01 May 2020 07:44 AM

රටක් ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි අපි ගැන. අපේ මනුස්සකම් කෝ? දුකයි.

:       12       312

samFriday, 01 May 2020 09:05 AM

රාජු, අපේ මිනිස්සු ඕනෑම වෙලාවක කතා කරන්නේ 2500 ක ප්‍රෞඪ ඉතිහාසය සහ බෞද්ධ සාරධර්ම ගැනයි. නමුත් ඇත්ත තත්වය මේකයි.

:       0       0

Binkunndaa Friday, 01 May 2020 07:46 AM

කළගුණ නොදන්නා සිංහලයා යනු මිහිපිට තිරිසනෙකි.

:       691       364

මංගල Friday, 01 May 2020 11:08 AM

සිංහලයන් තරම් කළගුණ දන්න ජාතියක් වෙන කිසිම රටක නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරපු දේකට ජාතියටම දොස් කියන්න බෑ. සිංහල මිනිස්සුන්ගේ ඉවසීම පැනපු දාට නම් අනිකුත් කළගුණ නොදන්න ජාතීන්ට දුවන්න ඉඩත් මදි වෙයි.

:       227       344

lakmal Friday, 01 May 2020 08:17 AM

මේ මිනිස්සු වෙන්න බෑ. තිරිසනුන්න්ටත් අන්තයි.

:       9       238

samarasingheFriday, 01 May 2020 09:57 AM

අවුරුදු 2500 නිකැළැල් ඉතිහාසය....!!! තුහ් නොදකින්. තිරිසනෙකුගෙන් පැවත එන සිංහල ජාතියේ සාමාන්‍ය ගතියක් මේක.ඒ මදිවට පිරිසිදු බුද්ධාගම තියෙන්නෙත් මෙහෙලු. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ලෙඩෙකුට උපස්ථාන කිරීම උතුම්ම ක්‍රියාවක් කියලා. ලෙඩ්ඩුන්ට විතරක් නොවෙයි ඒ අයගේ නැදයින්ටත් හිංසා කරනවා.ඒ මදිවට බුදුන් වහන්සේගේ උතුම්වූ චීවරය ඇඳගෙන මේ රටේ දේශපාලු කඩේ යන සෙට් එක රට කනවා. මම නම් දැන් කියන්නේ මම අයිති යක්ෂ කියන ශ්‍රී ලංකාවේ අවුරුදු 10000 කටත් කලින් හිටපු ගෝත්‍රයකට කියලා. සිංහල කියන්න ලැජ්ජයි.....තිරිසන් සතුන්ටත් නින්දා කරන නරුමයෝ. ඔය මොලේ අමාරුකාර චන්ඩි ටිකව අල්ලලා තුවක්කු පෙන්වන්න එක්ක යන්න. මේවගේ තිරිසන්නු අපේ රටට එපා...!!!

:       24       215

maalaka Friday, 01 May 2020 09:02 AM

මේ සිදුවීම ගිය ආණ්ඩුව කාලේ සිදු උනානම්, මොන විදිය කොමෙන්ට් වැටෙයිද කියල කල්පනා කෙරුවේ ...

:       0       0

Jay Friday, 01 May 2020 09:09 AM

තිරිසන්නු කියන එක සත්තුන්ටත් අපහාසයක්. සත්තුවත් මෙහෙම කරන්නේ නැහැ. සිංහලය ගැන ඕක තමයි ඒ කාලේ ප්‍රබාකරන් කිව්වේ. ලැජ්ජයි ඇත්තටම. මේ වගේ මිනිස්සු ඉන්නවා කියල හිතෙනකොට පුදුමාකාර හිරිකිතයක් එන්නේ...

:       0       0

Siyabalakotuwa Friday, 01 May 2020 09:31 AM

තමන්ගේ ජාතියටම මෙහෙම සැලකිලිනම් සුලු ජාතියට කොහොම සළකයිද?

:       0       11

රවින් Friday, 01 May 2020 09:52 AM

හොයලා බලන්න කට්ටිය කීදෙනෙක් මේ වැඩේට හවුල්ද කියලා. වෙනින් හේතුවක් නොමැතිනම් පමණක් වාරියපොළ රෝහලේ ඇඳන් ටිකක් හිස් කරන්න කියලා වෛද්‍යතුමාගෙන් ඉල්ලන්නකෝ. ඒ පළාතේ ඉන්නා දේශහිතෛශී ,ජාති හිතෛෂී උදවිය ඉතිරි ටික බලාගනිවී.

:       0       0

Guna Friday, 01 May 2020 10:18 AM

මුන්ට සුදුවෑන් එවන්න ඔනෙ...

:       37       75

පුජා Friday, 01 May 2020 10:27 AM

කොරෝනා වසංගතය නිසා , මිනිසුන්ගෙන් ටික කාලයකට හෝ ඈත් උන පරිසටයට නව ජීවයක් ලැබුනත් , දෙපාවාගේ පිරිහීම මොනවට විදහා දැක්වුණ සිදුවීමක්.. තිරිසන් සතුන් හොඳයි මීට වඩා.

:       0       27

විජිත් Friday, 01 May 2020 12:59 PM

අවුරුදු මිලියන ගණනකට කලින් අපි ඔක්කොම එකට කැලේ ජීවත්වුණේ.. අපි ආ මගත් දැන් මේ සිටින තැනත් ගැන හිතුවොත්... තවත් වසර දහස් ගණනක් යන්නටත් කලින් මිනිස් වර්ගයා නැත්තටම නැතිවෙන්නටත් පුළුවන්.. ඔහුගේ අසීමිත ආශාවන්.. පලිගැනීමේ චේතනාවන් සාක්ෂාත් කරගැනීමට කරන උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස... එතකොට අපි කොහොමද කියන්නේ? "...රත්තරන් කෙන්ඩියේ - සිංහ තෙල් වගේ , මිනිස් ගුනේ සැමදා බැබලේ ..." කියලා...

:       0       5

Pradeep Friday, 01 May 2020 01:28 PM

ඇතැම් මිනිසුන් මෙසේ හැසිරීමට විද්‍යාත්මක හේතුවක් ඇත. අප රට බොහෝ අවස්ථාවන් වලදී විදෙස් ආක්‍රමණ වලට ගොදුරු වූ රටකි. ඒ සෑම අවස්ථාවකදීම අපේ රටේ ගැහැනුන් ඒ ආක්‍රමණික මිනිසුන් හා එකතු වීමෙන් (කැමැත්තෙන් හෝ බලහත් කාරයෙන්) බිහිවූ දරු පරපුරට ඒ ආක්‍රමණික ජාන මුසු විය. ආක්‍රමණ වැඩි වූ තරමටම විවිධ ජාතීන්ට අයත් ජාන සහිත ලාංකීය දරුවන් බිහි විය. ඒ අතර ඒ ආක්‍රමණිකයින්ට එරෙහිව සිදුවූ සටන් වලදී සහ රට අභ්‍යන්තරයේ ඇති වූ සමහර දේශප්‍රේමී සටන් වලදී අපේ නියම හෙළ ජාන සහිත දරුවන් මරණයට පත් විය. සමහර අයට තව පරපුරක් බිහි කිරීමට අවස්තාවක් පවා අහිමි කරමින් දිවි පුදන්නට සිදු විය. මෙයින් කලවම්ව ජාන සහිත පුද්ගල ගහනය ඉහල ගියා. වත්මනෙහි වුව රට ජාතිය ගැන හැගීමෙන් යුතුව ආරක්ෂක සේවාවන් වල නිරත වන්නේ, ආරක්ෂක සේවා වල නියැලී නොසිටියත් රට ගැන හැගීමෙන් යුතුව රණ විරුවන් අගය කරමින් ක්‍රියා කරන්නේ අපේ ඒ නියම ජාන සහිත පුද්ගලයන්ය. රට ගැන හැගීමක් නැති රටට සේවය කරනා පුද්ගලයන් ගැන හැගීමක් නැති තමන් ගැනම පමණක්ම සිතා කටයුතු කරන්නේ අර කලවම් වූ ජාන සහිත පුද්ගලයන්ය.

:       0       12

Perera nilmini Friday, 01 May 2020 05:40 PM

හදවතින්ම අපි ශ‍්‍රී ලාංකිකයි කියලා මෙි වගෙ වනචාරි වැඩ කරන්න එපා. දියවන්නාවට බැන බැන උන්ගෙ කොලිටියට වැටෙන්න එපා.

:       0       5

karu Friday, 01 May 2020 07:33 PM

නපුන්සක නෙගටිව් කොමෙන්ට්ස් කාරයින් සැහෙන ගණනක් ඉන්නවානේ.... සමාජයට හානිකර මේ මානසික රෝගීන්ගෙන් ආරක්ෂා වෙන්න.

:       0       82

Rihan Saturday, 02 May 2020 05:38 AM

කවුරු කළත් වැඩේ වැරදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 568 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site