(ඩයනා උදයංගනී)
නව විදුලි බලාගාර හතරක ඉදිකිරීම් මෙම වසර තුළදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මගී ප‍්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ තුන්වැනි සහ හතරවැනි අදියර, කෙරවලපිටිය, උමා ඔය බ්‍රෝඩ්ලන්ඩ්, මොරගොල්ල සහ තවත් ගල් අඟුරු බලාගාර දෙකක් ඇතුළු විදුලි බලාගාර ව්‍යාපෘති ගණනාවකට මේ වන විටත් අනුමැතිය හිමිව තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය රජය පැවති 2015 - 2019 කාලයේදී මෙරට විදුලි පද්ධතියට එක් විදුලි ඒකක හෝ අලුතින් එක් කිරීමට නොහැකි වූ නිසා ගැටලු රැසක් මතුව ඇතැයි ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
එම කාලය තුළ මෙරට විදුලි ඉල්ලූම 27%කින් ඉහළ ගොස් ඇතැයි කී ඇමතිවරයා ඒ හේතුවෙන් විදුලිබල මණ්ඩලය ණය උගුලක සිරවී ඇතැයි ද කීවේය.
ලංකා විදුලිබල මණ්ඩලය 2014 වසරේදී විශාල ලාභයක් උපයාගෙන ඇතත් 2019 වසර අවසන් වන විට කෝටි 20,000ක ණය උගුලක සිරව ඇතැයි කී මහින්ද අමරවීර මහතා මෙම වසර තුළ ද රුපියල් කෝටි 6,500ක පමණ ණය බරක් එම ගොඩට එක්වන ඇතැයි කියා සිටියේය.
පසුගිය දා තමන් හමුවූ විදුලි බල ක්‍ෂ්ත‍්‍රයේ විද්වතුන් පිරිසක් මෙරට විදුලිබල ක්‍ෂ්ත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු යෝජනා රැසක් ඉදිරිපත් කළ බව ද ඇමතිවරයා කීවේය.
මෙරට විදුලිබල ක්‍ෂ්ත‍්‍රයේ ස්වර්ණමය අවදිය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය පැවති 2010 සිට 2014 දක්වා කාලය බවත් එම කාලයේදී නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඇතුළු විදුලි බලාගාර 10ක් පමණ ඉදිකෙරුණු බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි විශාල බලාගාර නොවේ අවශ්‍ය සෝලා පැනල්.
දවසේ වැඩි කාලයක් ඉරඑළිය ලැබෙන අප රටට සූර්යතාප බලාගාර තැනිය හැකියි නේද?
ලෝකයේ කිසිම රටක ගල් අඟුරු බලාගාර අලුතෙන් හදන්නේ නැහැ. ඊට හේතුව බලාගාරවලින් පිටවන අපිරිසිදු වායු වලින් ස්වභාව ධර්මය අපිරිසිදු වීම. සහ ගල් අඟුරු අළුවලින් වන පරිසර හානිය නිසා ස්වසන පද්දතියට ඇතිවන ආබාද වැඩිවීම නිසාය.
පරිසරය විනාශ නොකරයි කරන්න ඕනෙ