(දිල්රුක්ෂි ග්‍රේරු සහ මුදිතා දයානන්ද ලග්ගල සිට)
මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතින් ඉදිකිරීමෙන් පසු යටවූ ලග්ගල පල්ලේගම නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල හරිත නගරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (08) සිදු කෙරිණි.
එමෙන්ම කළුගඟ ජලාශය ජනතා අයිතියට පත් කිරීමද මෙහිදී සිදු විය.
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ,නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා, හිටපු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - දිල්රුක්ෂි ග්‍රේරු



(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



වැඩිදුර ඡායාරූප නැරඹීමට පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් ඔබ තුමාට සහ රජයට. මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා.!
මේ ජනාධිපති විසින් කී පාරද කළුගඟ ජලාශය ජනතා අයිතියට පත් කරන්නේ?
නායකයා වෙනුවට උප නායකයා ලංකරගෙන දෙන්නටම වැඩක් දෙන්න වගෙයි යන්නේ කියලා හිතෙන්නේ මට විතරද?
මේක විවෘත කොරන්න කී දෙනෙක් පෝලිමේ ඉන්නවද? ඔන්න ඕකයි තත්වේ අද රටේ
කෝ නගරය නැහැනේ කළු ගල් ගෙඩිය විතරද තියෙන්නේ?
හරිත නගරය = කළුගල් ගෙඩිය
සමරු පලකයේ දිග පළල දැක්කම හිතෙනවා මේවා අවශ්‍යද කියලා.