
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නව චීන තනාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2027 වසරේදී සමරනු ලබන ශ්‍රී ලංකා - චීන ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරයට සමගාමීව අධ්‍යාපන, ඩිජිටල්කරණ සහ සංවර්ධන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමට චීන රජයෙන් ලැබෙන සහාය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි. එම සහනය වසරින් වසර ලබාදෙන තාවකාලික ක්‍රමවේදයක් වෙනුවට, සෑම පාසල් වසරක් ආරම්භයේදීම නිසි වේලාවට නිල ඇඳුම් ලබාදීමට හැකි වන පරිදි වසර 3 සිට 5 දක්වා වන දීර්ඝකාලීන රාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස, චීන ආධාර යටතේ ක්‍රියාත්මක ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතියේ ප්‍රගතිය ද සමාලෝචනය කෙරුණු අතර මේ යටතේ දිවයින පුරා පිහිටි ඩිජිටල් පන්ති කාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබාදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd