(ඩයනා උදයංගනී)
නව අගවිනිසුරුවරයා ලෙස නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
විගණකාධිපතිධූරය සඳහා අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතාගේ නාමයටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා අනුමැතිය හිමිව ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි සභාපති කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (26) පෙරවරුවේ රැස්වූ අතර එහිදී මෙම අනුමැතිය ලබා දී ඇත.
මෙහිදී අගවිනිසුරු ධුරය සහ විගණකාධිපතිධුරය පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නිර්දේශයන් සළකා බලන ලද අතර මෙම නාමයන් සඳහා අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අදාළ පත්කිරීම සඳහා එම අනුමැතිය ජනාධිපතිවරයා වෙත දන්වා යැවෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අලි පන්දම් කාරයෙක්.
ව්‍යවස්ථාව එක පාරක් කදාපු කෙනා කොහොමද අගවිනිසුරු වෙන්නේ? නීතියේ අධිපත්‍යට දෙයියන්ගේම පිහිටයි.....
මේක නම් හොඳ තීරණයක් නෙමෙයි.
දැනට ශ්‍රේෂ්ටාධිකරණයේ සිටින වින්ශ්චයකාරවරයෙකු පත් කලා නම් වඩා හොඳයි.
ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවට පක්ෂව කරුණු දක්වා ජනතාව ඉදිරියේ විස්වාසය දැඩි ලෙස පලුදු කරගත් තැනැත්තා
රට යන අත ගැන මට හිතාගත හැකියි. අපරාදේ තරුණ ජීවිත... අර පහුගියදා ව්‍යවස්ථාව කැඩුවේ නෑ කිව්ව කෙනා මේ...
අප්පෝ ජනතාවට අබ සරණයි... !!
සරත් සිල්වා අගවිනිසුරු වූ වෙලාවේ වික්ටර් අයිවන් රාවය මුල් පිටුව කලුකරලයි ඒ පුවත පල කලේ... මේ පුවතට ගැලපෙන පාටක් හොයාගන්න නම් බැරිවෙයි.