
(ඩයනා උදයංගනී)
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කරනු ලැබ ඇත.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් ඔහු අද (3) සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.
එම පත්වීම අද සිටම ක්‍රියාත්මක වන පරිදි ලබාදී ඇත.
නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයකු වන අතර ස්වාධීන රූපවාහිනීයේ මාධ්‍යවේදියෙක් හා නිවේදකයෙක් ලෙස ද කලක් සේවය කළේය.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළේ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු වන සුදත් රෝහණ මහතාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ චැට් ඇන්ඩ් මියුසික් මතක් වෙනවා.
කලින් සභාපති සුදත් රෝහණ අයිටීඑන් එකට හොඳට කරනවා, රට විනාශයි. අදාළ සුදුසුකම් ලත් පුද්ගලයන්ට තැනක් නැත. තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා ආගම්වාදී බව පෙන්වමින් බුදුදහම විකුණයි. අප රටින් බැහැරව ජීවත් වුවද බෙන්තර පාලමෙන් එපිට හොඳ බෞද්ධයෝ අපි.
චන්ද නමැති සැඩ පහරේ සෝදා පාළුවුනා මම..... හිතුවෙම නැහැ නැවතත් ගොඩ ඒමක් ගැන මම...... ඒරාෂ්ඨකය ඉවර නිසා හනිකට සතුටු වෙනවා මම..... මහින්ද මහත්තයට සියලු දෙවි පිහිට පතනවා මම........
ආපු ගමන් දුන්නා බැටේ...
එච්චරයි තිබ්බේ. ඒකත් ඉවරයි. දැන් ඉතින් පොහොට්ටුවේ නාලිකාවක් (PTN) කීවට වරදක් නැහැ.
රටකට ගිය කලක්.?
ඒකත් හරි එහෙනම්.
ඉහල තනතුරක් ලබාගැනීමට එකම සුදුසුකම දේසපාලනය කිරීමයි. ජනතාවගේ මුදල් මෙහෙම විනාස කරන රටක් මුළු ලෝකෙම නැතුව ඇති
රාළහාමි මට මාස්ක් ඕනෙ නැහැ. මම අහවලා... මතකද?
ඡන්දයක් ළඟ ඇති...!
දැන් ඉතින් අයිටීඑන් එකත් බලලා ඉවරයි. බැලුවොත් ලේ කෝප වෙනවානේ....
ඉහලම තනතුරකට සුදුසුකම දේශපාලනය තමා.
ආණ්ඩුවේ කැතකුණු අපුල්ලන්න ඉතින් පළපුරුදු තියෙන එක්කෙනෙක් වෙන්නම එපැයි
ඉස්සර නම් චැට් ඇන්ඩ් මියුසික්. මෙවර සිට් ඇන්ඩ් වර්ක්
ඡන්දෙන් පැරදෙන මන්ත්‍රීලට තනතුරු දෙන්නෙ නෑ කියලා එක්කෙනෙක් හත්පොලේ දිවුරුවා වගේ මතකයි..
සතුටුයි. හොදයි. තෙරුවන් සරණයි. ජයෙන් ජයම වේවායි සුබ පතමි
වෙන්නේ මොනවද කියල දන්නව නේද?
මේ අයට හරියනවද මේ දේශපාලන පත්වීම් වලට.
මේ දිනවල මාලු විකිණෙනවත් අඩු හින්දා ඒ බිස්නස් එකෙන් පාඩු ඇති
සර්ට කඩේ ගියා ගොඩ.