තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා නෝර්වේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතය.
මෙම නිල සංචාරයේදී නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ,විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වන බව ශ්‍රි ලංකාවේ නෝවේජියානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.
මීට අමතරව මැරීයන් හේගන් මහත්මිය අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සහ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් මෙන්ම සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟද සාකච්ඡා කිරිමට නියමිතය.
නෝවේජියානු රජයේ අනුග්‍රහයෙන් උතුරු පළාතේ බිමිබෝම්බ ඉවත් කරන ප්රදේශවලද ඇය සංචාරය කිරීමට සැලසුම් කර තිබෙන බවද මෙරට නෝර්වේජියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ ආයෙත් හොම්බ දාන්න. කොහෙන් ගියත් කැරකිලා එන්නේ උතුරේ අයට කිරිපොවලා යන්න. රට පාලනය කරන්නෙත් ඒ අයට නැවෙන අයනේ...
වැඩි පිරිසක් අපගේ අදහස්වලට විරුද්ධව අපගේ දෙමාපියන්ට පිං අනුමෝදම් කරයි. එත් කිවයුතු දේ කිවයුතුමයි. මේ උන්දැලා එන්නේ යන්නේ අපගේ මාතෘභූමියට ආදරේට නම් නොවෙන බව 100% විශ්වාසයි. මොකක් හෝ අටමගලෙකට තමයි මේ ආපහු හොරගල් අහුලන්නේ... විශේෂයෙන් මේ උන්දැලා වචනයකින් හෝ අපගේ මව්බිම විනාශ කරන්න තමයි අර අඳින්නේ..
තවත් විෂබීජයක්. කල්පනාවෙන්...
එතුමියට කියන්න ඉස්සෙල්ලම පසුගිය කාලේ එතුමියගේ රටේ සහ යුරෝපයේ දේශපාලන රැකවරණ ලබාගත්ත ලංකාවේ පුද්ගලයන්ගේ ලැයිස්තුව මේ අතුරුදහන් වුණු බව කියන පුද්ගලයින්ගේ විස්තර සමග සංසංදනය කරලා බලන්න කියලා.. එතකොට අතුරුදහන් වුණු පුද්ගලයන් හමුවේවි. පසුගිය දවස්වල එංගලන්තේ ද්‍රවිඩ සංවිධානයක් ක්‍රියාකාරිනියක් කියලා තිබුණා ලංකාවෙන් එංගලන්තෙට දේශපාලන රැකවරණ ඉල්ලගෙන එන පුද්ගලයන්ගෙන් 80% විතර හොර පාස්පෝර්ට් හෝ බෝට්ටු වැනි අයථාක්‍රම මගින් එහෙට එන්නේ කියලා, මේ පුද්ගලයන් පිළිබඳව විස්තර (ඡායරූප, නම් ගම්, DNA, ඇඟිලි සලකුණු) ලංකාවට දෙන්නේ නැත්නම් මෙහෙ ඒ ගොල්ලන් ගණන් ගන්නේ අතුරුදහන් වුණු විදිහට, මේ ඔක්කොටම මුල අපේ තානාපති සේවයේ දුර්වලතා, පසුගිය සියලුම අාණ්ඩුත් දැනට තිබෙන අාණ්ඩුත් විදේශ සේවය ගැන දැනුමක් නැති පරණ දේශපාලකයන්, හමුදා නිලධාරිනුත් තානාපතිවරු ලෙස පත්කර යැව්වා.. අපේ දුර්වල තානාපති සේවය මේ ප්‍රශ්න වලට මුල.... යුද්ධය ඉවරවෙලා අවුරුදු 10ක් ගිහිනුත් එකඑකාට කොන්ද නමන්න අපට සිදුවෙලා තිබෙන්නේ මේ හේතුව නිසා....
කෙලින්ම මේ කාන්තාවට කියන්න තිබෙන්නේ මේ අතුරුදහන් වුණා කියලා කියන පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් ඉන්නේ යුරෝපයේ.., දේශපාලන රැකවරණ දීපු මිනිස්සුන්ගේ ඇඟිලි සලකුණු ඇතුළු සියලු විස්තර දෙන්නේ නැත්නම් මේවා හොයන්න බැහැ. තනිඅතින් අත්පුඩි ගහන්න බැහැ කියලා. කෙටියෙන්ම කියනවා නම්, එම්රේට්, සෞදි, ඇමෙරිකාවේ පවා ජාතිවාදී ප්‍රශ්න තිබෙනවා. නමුත් මේ කාලකන්නින් එන්නේ අපිටම කෙලින්න. මේවා ඔක්කෝටම මුල අපේ හොර දේශපාලකයෝ, මොවුන් ඔවුන්ගේ රටවල්වල ගිහිල්ලා වුණු දෙනදෙයක් හොඳට කාලාබීලා කියන හැම එකකටම ඔලුව වනලා ලංකාවට ඇවිත් අධිරාජ්‍යවාදීන් ගැන ලොකු ටෝක් දෙනවා.
ඔය එන්නේ අපේ වීරෝදාර හමුදාව යුද අපරාද වලට මාට්ටු කරගන්න පුලුවන්ද කියල බලලා යන්න
අපි ණය, ආධාර, බදු සහන ඉල්ලගෙන ඔවුන්ගේ රටවල් වලට යනතාක් කල් ඔවුන් අපේ රටවල් වලට අත පොවන එක නවත්වන්න බැහැ.
ඇත්තට මේ එන්නේ ලංකාවේ දෙමල ජනයට එරෙහිව යුධ අපරාද කරලා තියෙනවා, ඒ නිසා එක්සත් ජාතින් මැදිහත්වී ජනමත විමසුමක් මගින් ඔවුනට වෙනම රාජ්‍යයක් ලබා දිය යුතුය කියන අදහස ක්‍රමානුකුලව කරලියට නංවන්න. එකේ ගමන් මාර්ගය තමයි ඔය කියන අතුරුදන් උදවියගේ කතාව. අපි එනිසා ප්‍රවේශම් වීමට කලයුතු කටයුතු බොහොමයක් තිබුනත් වග කිවයුතු අය මොකවත් නොකර වගේ වගක් නැතුව ඔහේ ඉන්නවා.
රවින්ද්‍ර මහත්මයාගේ අදහස මමත් අනුමත කරන නමුත් ඔය" ගව රෑන" කියන වචනය "හොරු රෑන" ලෙස සංශෝධනය විය යුතුය , නැත්නම් එය ගවයන්ට කරන අගෞරවයකි , ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දේශප්‍රේමින් කියලා කියාගන්නඅයගේ කොන්ද පන නැහැ , නොර්වේ විදේශ ඇමතිට අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට අත පොවන්න නීතිමය සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව පාර්ලිමේන්තුවේ සහ මාධ්‍ය වලට ප්‍රකශ කරන්න,