(ඉන්දිකා රාමනායක)
ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් සඳහා යොමු කරනු ලබන දෙස් විදෙස් පිරිසෙන් කිසිදු මුදලක් අය නොකරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නිරෝධායන මධ්‍යස්ථාන සදහා යොමු කරන පුද්ගලයන්ගෙන් ආහාර සදහා රුපියල් 7500 ක මුදල් අයකරන බවට සමාජ මාධ්‍ය ජාල වල පලවන වීඩියෝවක් සම්බන්ධයෙන් ලංකාදීපය හමුදාපතිවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය වල පලවන ප්රවෘත්ති සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ යුතු බවත් නිරෝධායන සදහා මුදල් අය කිරීමක් කිසිසේත්ම සිදුනොකරන බවත් හමුදාපතිවරයා වශයෙන් තමන් ඉතාමක් වගකීමෙන් ප්‍රකාශ කරන බවද හමුදාපතිවරයා කියා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් හා එක්ව සහයෝගීත්වයෙන් මෙම ජාතික වගකීම ත්‍රිවිධ හමුදාව යළිත් වරක් භාරගෙන ඇති බවද හෙතෙම කීය.
මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකෙහී අවම වශයෙන් සති දෙකක කාළයක් පුරා 2000-2500 අතර පිරිසකට සියලු පහසුකම් සහිතව නේවාසිකව නිරෝධායනය කටයුතු කිරීමට අවශ්‍ය සියළු පහසුකම් මේවන විට සුදානම් කර ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සියයක් පමණ පසුගිය පැය 48 ක කාලය තුළ මඩකලපුව පුනානී සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයන්හී එම නිරෝධායන ක්‍රියාවලිය සිදුකිරිමට අවශ්‍ය සියලු පහසුකම් සූදානම් කළ බවද හමුදාපතිවරයා කියා සිටියේය.
හදිසි අවස්ථාවක රෝගින් 300 කට පමණ ප්‍රතිකාර කිරිම සඳහා දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානය සුදානම්ව ඇති බවද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිදුවීමේ අවුල් සහගත තත්වය පෙන්වන වීඩියෝ පට දෙක තුනක් සහ ආහාර සහ පානීය ජලය සඳහා මුදල් අයකරන බව සඳහන් වෙන ලිපියක පිටපතක්ද අන්තර්ජාලයේ පල කර තිබෙනවා. දැන් කවුරු මොන නිවේදන නිකුත් කළත් මේවා බොරු වෙන්න බැහැ. මෙම පිරිස මඩකලපුවට ගෙනයාම සඳහා සුදානම් කළ වැඩපිළිවෙලෙහි ඇති ව්‍යාකූලත්වය නිසා එතන ඉන්න ආණ්ඩුවේ නිලධාරින් කර කියාගන්නට දෙයක් නොමැතිව ඉතාම අසරණ තත්වයට පත්ව ඇති අන්දමයි එම වීඩියෝ පටයේ පෙනෙන්න තියෙන්නේ.
එහෙනම් කූට ලේඛණ ප්‍රදර්ශණය කරලා. අනික මේක හමුදා රජයක්ද හමුදාපති රාජ්‍ය නිවේදන නිකුත් කරන්නේ ?
මේ කොරියාවේ ඉඳල ජන්දේ දාන්න ආපු නැති තැනැත්තන් වෙන්න ඇති මුදල් අයකරන්නේ.
ඒ වැඩෙත් අනාගෙන වගේ. හැඳල රෝහල ලැස්ති කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැම පහසුකමක්ම තියෙනවා. කෑම වලටත් සල්ලි වෙන් කරලා තියෙනවා. මම දන්න විදිහට දාහක් විතර මිනිස්සු දාන්න පුළුවන්. එතකොට තව අර කොරෝනා ලෙඩ්ඩුන්ට පැය 24 න් හැදුවා කියලා කිව්ව දියතලාවේ ආමි කෑම්ප් එකේ රෝහල තියෙනවා. මේ කිසි දෙයක් නැති අලුත් ගොඩනැගිල්ලක මිනිස්සු නිරෝධානය කරන්න තීරණය කිරීම හරිම අදූරදර්ශී තීරණයක්. ජනාධිපතිතුමාගේ සහ ජනාධිපති ලේකම්ගේ ප්‍රයෝගික දැනීම නම් බින්දුවයි වගේ නේද ?
ඡන්දෙ කාලේ කොරියාවේ ඉඳලා ඡන්දෙ දාන්නම ආව මේ කොරියන් කාරයෝ පිළිගත්තේ මල්මාලා දාලා. මේ මෝඩ අයත් හැසිරුනේ මාර පොරවල් වගේ. හිතන් එන්න ඇති මේ පාරත් ආව ගමන්ම මල්මාලා දාලා පිළි අරන් අරලියගහ මන්දීරේට තේ බොන්න අරන් යයි කියලා. කාමරේක දාලා ඒක තොගේට හිරකරලා හත්දාස් පන්සීයකුත් අරන් තමයි මඩකලපු බෝඩිමට යවන්න ලැස්ති වෙන්නේ.
පට්ට කෙබර දෙසන්නේ. සල්ලි ගරලා දැන් පත්තුවෙනකොට ශේප් වෙන්න හදනවා. හැමදේම ඔහොම තමයි. කොන්ද පන නැති ආණ්ඩුවක්. සයින්දමර්දු වලට වෙනම පාලන ඒකකයක් දීලා මිනිස්සු විරුද්ධ වෙනකොට නැවැත්තුවා.