
(රංජන් කස්තුරි)
නිරෝධායන පනත සහ කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කරන චක්‍රලේඛන සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන් මෙන්ම ජනතාව ද විශාල ගැටළුවකට මුහුණ පා ඇතැයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.
කොරෝනා සම්බන්ධයෙන් ජනතාව කරන වැරදි නිවැරදි කිරීමට යාමේදී හා නීතිපියවර ගැනීමේදී චක්‍රලේඛන සිංහල භාෂාවෙන් නොතිබීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවයට පත් වූ අවස්ථා රැසක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා කියයි.
යම් වරදක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම්වන විට ජනතාවට කුමන නීතියක් යටතේ එම පියවර ගත්තේ ද යන්න පැහැදිලි කිරීමට චක්‍රලේඛනවල සිංහල පිටපත් අවශ්‍ය බව ද කුලතිලක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දන්ටද දන්නේ නෑ ඒවා ගහන්නේ...? ඔය ශීත කාමර වලින් එළියට නොයන අයට තියෙන ලෙඩ තමා. ප්‍රායෝගික නෑ.
ජාතිකාභිමානයක් නැති තුන් වන ලෝකයේ දුප්පත් රටක දුප්පත් මානසිකත්වයක්....
යටත් විජිත වහල් දේශපාලනය වෙනස් කරනන ලේසි නැ
අපි සුද්දගේ රටවලට ගියාම කලු සුදු භේදය ඉහවහා ගිහින්... ඒ ගැනවත් හිතලා ඕවා සිංහලෙන් දාන්න බැරිනම් දෙමළෙන්වත් දැම්මොත් මුස්ලිම් වරුන්ගෙන්වත් දැනගත හැකිය...