
(බී.ජී.චතුරංග)
නිධන් කර ඇති පුරා වස්තු සෙවීමේ අරමුණින් කැකිරාව ඉළුකේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් පිටුපස කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු ජෙනට් නයින් කූරු, වෙඩි බෙහෙත්, පූජා භාණ්ඩ, පාසාන විදින යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ඉළුකේගම ප්‍රදේශයේ සහ මාතලේ ඉනාමලුව රොටරි උදාන ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 31, 42 සහ 43 වියේ පසුවන සැකකරුවන් තිදෙනකු සහ සැකකාරියකි.
නිධානයක් ලබා ගැනීම සඳහා නිවසක් පිටුපස විශාල වලක් හාරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී පාෂාණ විදින යන්ත්‍ර දෙකක්, අලවංගුවක් , කුළුගෙඩියක්, සෙ.මී. 20ක් දිග වෙඩි බෙහෙත් පිරවූ බටයක්, ජෙනට් නයින් කූරක්, තඹ තහඩු , සිල්ලර කාසි, රස කැවිලි පාර්සල් කිහිපයක්, සුදු, රතු, කළු රෙදි කැබලි, බුලත්, සාම්බ්‍රානි දෙහි ගෙඩි , උක් දඬු ඇතුළු පූජා භාණ්ඩ රාශියක් නඩු භාණ්ඩ ලෙස තම භාරයට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25 දා) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලතුංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd