( පැතුම් දර්ශණ)
හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයේ ගෙවත්තක නිධානයක් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබූවන් අතර නිධානය හෑරූ බව කියන ගෙවත්තේ හිමිකරු සහ ඔහුගේ පුතා සිටින බවත් අනෙක් සැකකරු ඔවුන්ගේ අසල්වැසියෙකු බවත් පවසන පොලිසිය සැකකරුවන් මොරවැව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද වැඩිදුරටත් කියයි.
ඊයේ (26) සවස පොලිසිය මෙම වැටලීම සිදුකොට තිබේ.
ප්‍රධාන සැකකරුගේ නිවසේ සිට මීටර් පණහක් පමණ පිටුපසට වන්නට පිහිටි උස්බිමක මෙම නිධානය හාරා ඇති බව පවසන පොලිසිය තමන් එම ස්ථානයට යන විටත් සැකකරුවන් පොළොව කැණීම් කරමින් සිටි බවද කියයි.
කිසිවෙකුට සැක නොසිතන පරිදි ඊට පෙර දින සැකකරුවන් විසින් කුඩා ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක් ගෙන්වා නිවස පිටුපස පොල් වළවල් කිහිපයක් කපා එම බැකෝ යන්ත්‍රයෙන්ම නිධානය හෑරූ බව කියන ස්ථානයේ ගල් කිහිපයක් පෙරළා ගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරීන් පැවසූහ.
සැකකරුවන් අඩි නවයක් පමණ යටට පොළොව හාරා තිබු බව වැටලීමට එක්වූ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිධන් ගන්න ගිය තුනක් පොලිස් අත්අඩංගුවට